පානදුර සුමිත් පොතුපිටිය –
සිය යට ඇදුමේ අඟල් පහළොවක් පමණ දිග දුම්කොල දෙකක් සගවාගෙන කළුතර මහාධිකරණ පරිශ්රයට ප්රධාන දොරටුවෙන් ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම ,දර්ගා නගරය , වරාපිටිය ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.
බන්ධනාගාරවල සිට කළුතර අධිකරණයට රැගෙන එන රැදවියන්ට ලබාදීමට එම දුම්කොල රැගෙනවිත් ඇති බවට සැක පලකරන බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
සැකකරු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ උපදෙස් පරිදි, ප්රධාන පොලිස් පරීක්ෂක ශාන්ත නයනප්රියගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරික්ෂක ප්රියන්ත පරීක්ෂණ පවත්වයි.