ටෙක්සාස් හි ඔස්ටින් පළාතේ පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන රාජන් මුණසිංහට, ඔස්ටින් පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් යුක්තිය ඉල්ලමින් සිටින බව ‘වොෂින්ටන් පෝස්ට්’ වාර්තා කරයි.
නොවැම්බර් 15 වැනිදා ඔස්ටින් පොලිස් නිළධාරීන් රාජන්ගේ නිවසට පැමිණෙන අතර, ඒ වන විටත් තුවක්කුවක් අතැතිව සිටින රාජන්ට ‘ඔබේ තුවක්කුව බිම දමන්න’ යැයි කෑ ගසන පොලිස් නිළධාරීන් එක්වරම ඔහුට වෙඩි තබන ආකාරය පසුගියදා නිකුත් වුණු වීඩියෝ හා ඕඩියෝපටවලින් හෙළිදරව් වී තිබේ.
අසල්වැසියෙකු තුවක්කුවක් ද අතැතිව සිටින බවට 911 ට ලැබුණු ඇමතුමකට අනුව එම නිවසට ගිය බව පොලිස් නිළධාරීන් පවසා තිබේ.
නාඳුනන දුරකථන ඇමතුම්කරු පවසා ඇත්තේ රාජන් පෙර දින දී ද සැකකටයුතු යමක් දුටුවේදැයි විමසීමට සිය නිවසට පැමිණි බවයි.
ආරක්ෂක කැමරාවල දර්ශන මේ වන විට නිකුත් කර ඇති අතර එයින් පෙනී යන්නේ සිය තුවක්කුව ද සමඟින් නිවසේ පිටත රැඳී සිටින රාජන් නිළධාරීන් පැමිණි පසු, නිවස තුළට වෙඩි දෙකක් තබන ආකාරයයි.
නිළධාරීන් පැමිණීමට මත්තෙන් ඔහු සිය නිවස දෙසට කතා කරන ආකාරයක් පෙනී ගියත් ඒ මන්දැයි පැහැදිලි නැත.
මුණසිංහ පොලිස් වෙඩි ප්‍රහාරයට ලක් වූ විගස නිළධාරීන් ඔහු බේරා ගැනීමට උත්සාහ කරන ආකාරයත්, නිවස පරීක්ෂා කරන ආකාරයත් වීඩියෝපටවල සටහන්ව තිබිණි. එහෙත් ඒ මොහොතේ නිවසේ කිසිවෙකු නොසිටි බව නිළධාරීන් පවසා තිබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරන මුණසිංහගේ වැඩිමහල් සොහොයුරු ජොහාන් මුණසිංහ පවසන්නේ ‘නිළධාරීන් ප්‍රථමයෙන් වෙඩි තබා පසුව ප්‍රශ්න කළ බවයි..’
මේ සිදුවීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ‘එහෙම නැති වුණොත් මේ වගේ වෙඩි තැබීම් ඉදිරියටත් සිදු වේවි. ඔස්ටින් පොලීසිය වෙඩි තියලා අහිංසක මිනිස්සු මරා දමාවී..” යනුවෙනි.
මුණසිංහ සහෝදරයන් වෙසෙන නිවසට නිවාස පහකට එහායින් වෙසෙන ඔවුන්ගේ මිතුරෙකු වන කටාරි ද මේ සිදුවීමෙන් කම්පනයට පත්ව ඇති අතර මින් දින කිහිපයකට පෙර මිනිසෙකු මුණසිංහ නිවසේ වැට පැන ගොස් ඇති බවයි.
“අසල්වැසි ආසන්න ප්‍රදේශයක සිද්ධ වුණු අපරාධෙකින් පස්සේ රාජන් තමන්ගේ ආරක්ෂාව ගැන බොහොම අවධානෙන් හිටියේ… අපි හැමෝම අවට වටපිටාව ගැන වැඩි අවධානයක් යොමු කළා.. මේ විදියට වෙඩි තබා දැමීම රට පුරා පොලීසියට නම් අසමාන්‍ය දෙයක් නෙමෙයි.. සිද්ද වුණු දේවල්වලට පොලීසිය වග කියන්න ඕනේ..”
ඔහු සෘජුවම චෝදනා කර තිබේ.