සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති මණ්ඩලය රටේ නීතියට උඩින් නෑ… නීතිය අනුව පඬු කරඳගහ විනාශ කරන්න තීරණය කළ ඇමති මණ්ඩලයටම මාසයක සිර දඬුවමක් දිය හැකියි!

by editor
ජූලි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

වනජීවි සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 43 වගන්තිය අනුව ආරක්ෂිත වර්ගයේ ගසක් ලෙස හදුනාගෙන ඇති පඬුකරඳ ශාකය කපා විනාශ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩලයට  මාසක සිර දඬුවමක් ලබා දිය හැකි බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ අද දින ( 17) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ඇමති මණ්ඩල තීරණයක් අනුව මධ්‍යම අධිවේගි මාර්ගයට මැදි වුණු පඬුකරඳ ගස කපා දමා විනාශ කරලා.  මුල් අවස්ථාවේ ලෝකයේ තිබෙන එකම පඬුකරඳ ගස ලෙස මේක හඳුනා ගත්තත් දැන් අපට ගස් 7ක් තිබෙනවා.  පැල 20ක් සිටුවා තිබෙනවා.  තවත් 200ක් සිටවනවා යනාදි වශයෙන් ආණ්ඩුව මේ ගස කපා දැමීම සාධාරණ කරන්න දැවැන්ත වෑයමක් දරනවා.  මොන සුන්දර කතා කිව්වත් ඒ ගස කපා දැමීම සාධාරණ කරන්න බෑ.  මොකද ඒ ක්‍රියාව නීති විරෝධියි.

වනජීවි සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 43 වගන්තිය අනුව අට වන උපලේඛණයේ දැක්වෙන ආරක්ෂිත වර්ගයේ ගසකට හානි කරන්න බෑ.  මේ අටවන උපලේඛණයේ පැබේසියේ කුලකයේ පැලෑටියක් ලෙස කෘෘඩියා සිලැනිකා නැතිනම් පඬුකරඳ ගසත් තිබෙනවා.  එහෙම නම් මේ පනත සංශෝධනය නොකර ඒ ගස කපා දැමීම නීති විරෝධියි විතරක් නොවේ මාසයක සිර දඬුවමක් ලැබිය යුතු වරදක්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැන් මේ පඬුකරඳ ගස කපා දමන්නේ ඇමති මණ්ඩල තීන්දුවකින්.  එහෙම නම් වනජීවි සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 43 වන වගන්තිය උල්ලංඝණය කරලා තිබෙන්නේ වෙන කවුරුවත් නොවේ, ඇමති මණ්ඩලයයි.  එහෙම නම් දැන් පොලිසිය විසින් ඇමති මණ්ඩලය අත්අඩංගුවට ගත යුතුයි.

ඇමති මණ්ඩලය හිතනවා නම් තමන් නීතියට උඩින් ඉන්නේ.  අපි ලොක්කන්.  නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ පොඩ්ඩන්ට පමණයි කියලා ඒ අයට වැරදිලා.  ඇමති මණ්ඩල තීරණ හරහා නීති උල්ලංඝණය කිරීමේ හැකියාවක් නෑ.  සාමාන්‍ය ජනතාවට ආදර්ශයක් වෙන්න ඇමති මණ්ඩලය නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමයි හරි නම් වෙන්න ඕනෑ.  රටේ ඉහළම ආයතනය වන ඇමති මණ්ඩලය අණ පනත් උල්ලංඝණය කරන විට පොලිස් නිලධාරින් අන් අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

පොලිසියට ඉතිහාසය පුරා තිබෙන චෝදනාවක් තමයි ලොක්කන් දැක හැකිලෙන්නේ පොඩ්ඩන් හට පුප්පන්නේ කියන එක.  ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න දැන් ඔන්න පොලිසියට ස්වර්ණමය අවස්ථාවක් ලැබිලා තිබෙනවා.  ගරු පොලිස්පතිතුමනි, මේ ඔබේ අවධානයටයි.

මේ ගස ගලවා වෙනත් තැනක සිටුවීමට පරිසර අධිකාරිය නියම කර තිබිය දී තමයි ඇමති මණ්ඩලය ගස විනාශ කිරීමට තීන්දු කරන්නේ.

එමෙන්ම  වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා දඬුවම් ලැබීමට නියමිතයි අධිකරණයට අපහාස කිරීමේ හේතුව යටතේ. මේ ගස පිළිබඳව නඩුවක් පැවරූ අවස්ථාවේ නඩුව සමථයකට පත් වෙන්නේ වනජීවී  අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට පොරොන්දුවක් දෙනවා මේකෙන් මේ ගස ඉවත් කරනවා නම් එය වෙනත් තැනක රෝපණය කර බලා ගන්නවා කියලා.

අධිකරණයට ලබාදුන් ඒ ප්‍රතිඥාව ද අමු අමුවේ උල්ලංඝනය කර වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට අපහාස කිරීමේ වරද සිදු කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ ප්‍රමිතිය ගැන වෛද්‍යවරුත් දෙගිඩියාවක… රජයේ රෝහල්වලට එන රෝගීන්ට එන්නත් ලබා දීමට වෛද්‍යවරුන්   බිය වෙලා!

Next Post

එන්නත විස වී මිය ගිය බව කියන ළදැරියගේ සිරුරු කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.