විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් සකස් කරනු ලැබ ඇති බව පැවසෙන තමන්ට එරෙහි චෝදනා පත්‍රය ට මුහුණ දීම සඳහා තමන් නොඉවසිල්ලෙන් බලා සිටින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
ඔහු මෙලෙස පවසන්නේ අද (29) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් විදුලි බල අමාත්‍යවරයා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට අවශ්‍ය චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර ඇති බවට කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
ඔහු එහිදී සඳහන් කර සිටියේ මහජන උපයොගීතා කොමිසමේ සභාපතිවරයා කොමිසමේ සෙසු සාමාජිකයන්ගෙන් බැහැරව තනි පුද්ගලයකු ලෙස තීන්දු ගෙන ඇති බවයි.
විෂය භාර අමාත්‍යවරයා ලෙස කාංචන විජේසේකර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අන්තර් කාලීන විදුලිය ගාස්තු සංශෝධනය සඳහා මහජන උපයෝගිතා කොමිසම සිය අනුමැතිය ලබා නොදීමත් උසස් පෙළ විභාගය ට මුහුණ දෙන සිසුන් සඳහා අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබා දෙන විදුලිය බල මණ්ඩලයට විධානය කිරීමත් මත මේ වනවිට අමාත්‍යවරයා සහ මහජන උපයෝගීතා කොමිසම සභාපතිවරයා අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
Every Srilankans first target should be Terminated the all scumbags in the power unless we can't cover up from the blame from tomorrow 's generation.