ශ්‍රියානි විජේසිංහ –
ව්‍යාජ ලිපියක් හරහා ලංකාවට ගෙන්වන ලදැයි සැක කරන Immunoglobulin ඖෂධ බෝතල් 3500 ගෙන්වූ බවත් ඒවා සියල්ල භාවිත කළ බව සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්වස්තා දත්ත පද්ධතියට අනුව මේ වන විටත් අදාල ප්‍රතිදේහ බෝතල් 6900ට අධික ප්‍රමාණයක් තොග ගබඩා තුළ පවතින බව වෛද්‍යවරුන්ගේ වෘත්තී සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.
මෙම ඖෂධයට මෙරටට ගෙවීම සම්බන්ධයෙන් තමන් වගනොකියන බවත් ඖෂධ අධිකාරිය ප්‍රකාශ කරන අතර මෙම ඖෂධය ගෙන්වා ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ ඊට අදාල නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවිම පිලිබඳව ජනාධිපතිවයා වහාම සොයා බැලිය යුතු යැයි වෛද්‍ය චමල් පවසා සිටියි.
මීට පෙර අවස්ථා ගණනාවකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලියට මෙම ලේකම්වරයා ප්‍රමුඛ නිලධාරීන් සම්බන්ධ බවට සාක්ෂි සහිතව සනාථ වී තිබියදීත් ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලුවක් යැයි ද හෙතෙම පෙන්වාදේ.







