අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිකම නැතිවුනත් කළකිරීමක් නෑ…. කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

by editor
ජනවාරි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –

  • ගෙදර බටු පැලයක් වවාගන්නෙ නැතිව එළවළු මිල වැඩියි කියලා බනිනවා… රටින් කන්න බලන් හිටියොත් මෙහෙම තමයි….

අමාත්‍ය මණ්ඩල වෙනසක් වී අමාත්‍ය ධුරය වෙනස් වුවත් ඒ පිළිබඳව කිසිම කලකිරීමක් නැතැයි කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියයි.

“අමාත්‍ය මණ්ඩලය වෙනසක් වෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒක ජනාධිපතිතුමාගේ තීරණයක්. පත්තරවල යනවා… ඉතින් අපි බලමු. සිදුවෙමින් ඇති දේ සම්බන්ධව මගෙ කිසිම කළකිරීමක් නෑ.“

 කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ එසේ කීවේ ඊයේ (09) ලබුදුව ගොවිජනසේවා බල ප්‍රදේශයේ ගොවින් ඇගයිම සඳහා  අක්මිමන තල්ගස්යාය අශ්වත්ථාරාම විහාරස්ථානයේ දි පැවති උපහාර  උත්සවයේ දි ය. 

අක්මිමන තල්ගස්යාය අශ්වත්ථාරාමාධිපති ගාල්ල කඩවත්සතර හා තල්පපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ අනුශාසක මතුගම ගුණරතන නාහිමියන් විසින් මෙම උත්සවය සංවිධානය කොට තිබුණි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 mahindananda
ඇමතිවරයා විසින් ගොවිමහතෙකුට ත්_යාගපිරිනමමින්

එහිදී ඇමතිවරයා මෙසේද කිවේය.

“අපේ චේතනාව හොඳ දෙයක්. අපි හොඳ ව්‍යාපෘතියක් තමයි කළේ.  මෙහි අඩුපාඩුකම් තියෙනවා. .ඒ නිසා  මෙතනදි ගොවීන්ට කිසිදු අසාධාරණයක් නොවී අපි මේ රටේ ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන මේ වැඩේ ගෙනි යන්නයි හදන්නේ. ඒ නිසා මේ ගැන කිසිදු කලකිරීමක් නෑහැ.“ 

“ඕනෑම ව්‍යාපෘතියක් කිරීමේදී නැගීම් බැසීම් තියෙනවා. .සාර්ථක වෙන්න පුළුවන්. අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් ආණ්ඩුව මේක කළේ හොඳ චේතනාවෙන්.   ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා වස විසෙන් තොර ආහාර වේලක් මේ රටේ මිනිස්සුන්ට දෙන්න. ඒ නිසා තමයි එතුමා මේ හරිත කෘෂිකර්මාන්ත තීන්දුව ගත්තේ. .අපි කාටත් වඩා එහා පැත්තට ගිහිල්ලා විරුද්ධ කණ්ඩායම් ඒ සටනට විරුද්ධව නායකත්වය දුන්නා. ඒ නිසා ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව නැවත තීරණය කළා රසායනික පොහොර ආනයනය කරන්න.

ගාල්ල දිස්ත්‍රික්කය මේ වෙනකොට හෙක්ටයාර් 11,000 වී වගා කරලා තියෙනවා. රටේ අමුතු භූතයෙක් හදන්න හදනවා . අපි ගොවීන්ට කිවා  වගා හානියක් වුණොත් ඒ වන්දිය ගෙවනවා කියලා. පළිබෝධ නාශක වල් නාශක වර්ග දෙසිය  ගානක්  මෙරටට අනායනය කරනවා. ඉන් ලියා පදිංචි කරල තියෙන්නෙ අසූ දෙකයි . ඒහි ටෙස්ට් කරලා තියන්නේ  18යි.    මේ පිළිබද පරික්ෂණ කරලා තියෙන්නේ ලංකාවේ නෙවෙයි. මේකෙ කියන්නේ  මම නෙවෙයි. විගණකාධිපතිවරයා 2020 වාර්තාවේ.“

“පරිසරහිතකාමි කෘෂිකර්මාන්තයකට යන්න තමයි අපි තින්දු කළේ. අපි කියපු දේට වඩා වඩා  වෙනස් මතයක් මේ රටේ ජනගතවිම වැඩිවුනා. ඒ පිළිබද ජනතාව හරියට දැනුවත් වුනේ නැහැ. හරිදේ කිවේ නැහැ. . අපි හොඳ  දෙයක් කරන්න ගියේ. ගොවීන් මේ සදහා විරුද්ධ වෙච්ච නිසා අපි රසායනික පොහොර  ගෙන්විමට තීරණය කළා.  

ඒත් රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ. නමුත් සහනාධාර ලබා දෙන්නේ හරිත කෘෂි කර්මාන්තයට පමණයි.. කැමති ගොවියෙකුට රසායනික පොහොර භාවිතා කර තමන්ගේ වගාවන් කරගන්න පුළුවන්. අපේ භූමිය අපේ වගා කරන්නේ නෑහැ. කඩේ එළවලු මිල වැඩියි කියලා බනිනවා. හැබැයි තමන්ගේ ගෙවත්තේ  බටු පැලයක් සිටුවා ගන්නා අපි උනන්දු වෙන්නේ නෑහැ.. 

අපේ තියන භූමිය හරියට වගා කළොත් අපිට මේ කිසිවක් කරන්න අවශ්‍ය නෑ. පිටරටින් කන්න බලාගෙන ඉන්න තාක් කල්  අපිට සිද්ධ වෙනවා ඒගොල්ලො දෙන මිලට කන්න. අපි පරිප්පු ටික පිටි ටික සීනි ටික  සියල්ලම ආනයනය කරනවා . මේ නිසා නැව් ගාස්තු වැඩි වෙලා බඩු  බඩු මිල වැඩි වෙලා තියෙනවා.  යැයිද අමතිවරයා කිවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිස්ත්‍රික්ක 04කට මිලි මීටර 100 ඉක්මවූ වැසි…

Next Post

සල්ලිවලට ක්‍රිකට් ගහන ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් පාලක මණ්ඩලයට එරෙහිව මඩ ව්‍යාපෘති අරඹයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.