සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමති ධුර ලබා ගන්නවාද නැද්ද යන්න පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ තවමත් ස්ථිර එකඟතාවයකට නොපැමිණීම නිසා ආණ්ඩුව පිහිටුවීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබේ.
ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනවා ද නැතිනම් සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් ක්‍රිියාත්මක කරනවා ද යන්න පිළිබඳව ඉදිරි දින කීප තුළ තීරණය කිරීමට නියමිතව ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව දේශපාලන පක්ෂ සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා පසුගිය සති දෙක තුළ පැවැත්විනි.
ජනාධිපතිවරයා සමග ඍජුව සාකච්ඡා පැවැත්වූ සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමති ධූර ලබා ගැනීම සම්බන්ධව අද වනතුරු ස්ථිර එකඟතාවයක් පලකර නොමැත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමති ධූර ලබා ගැනීමට දේශපාලන පක්ෂ ලෙස එකඟත්වය පල නොකළ පසුබිමක ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් සර්ව පාක්ෂික ආණ්ඩුවක ඇමති ධූර ලබා ගැනීමට එකඟතාවය පල කර තිබේ.
මෙසේ එකඟතාවය පල කර ඇති මන්ත්‍රී කණ්ඩායම් එක් කර ගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවනවාද, නැතිනම් සර්ව පාක්ෂික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා ද යන්න ගැන ඉදිරි දින කීපය තුළ තීරණය කිරීමට නියමිතව ඇත.