හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ලගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ කැඳවා ඇත. ඒ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (19) ඇප මත මුදාහැරීමට නියෝග කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ දියණිය සහ බිරිය ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වූ නිසා බන්ධනාගාර නිලධාරීන් විසින් නැවත රැගෙන ගොස් ඇත.
ඊයේ ( 18) මේ තිදෙනා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.







