වහාම ක්‍රියාත්මකවන පරිදි දිවයිනටම බලපැවැත්වෙන සේ පනවා ඇති ඇඳිරි නීතිය 12 වැනිදා බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එම කාලය තුල බලය දෙනු ලබන නිලධාරියෙකුගේ ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක සහ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොමැති බව අදාල නිවේදනයේ දැක්වේ.