ඉතා අධික ලෙසින් මිල ඉහළ ගොස් ඇති සීනි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙළෙඳපොලේ මිලට වඩා අඩුවෙන් ලබා දීමේ සලාක ක්‍රමයක් හඳුන්වා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ අනුව එම ද්‍රව්‍යවලින් සීමා සහිත ප්‍රමාණයක් අඩු මිලකට ලබා ගත හැකි පරිදි මෙම සලාක ක්‍රමය හඳුන්වා දිමට අදාළ කැබිනට් පත්‍රිකාවක් මෙ වනවිට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සකස් කරනු ලැබ ඇති බව වාර්තා වේ.
එම යෝජනාව හෙට (30) සූම් තාක්ෂණය ඔස්සේ පැවත්වීමට නියමිත කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එහිදී වෙනත් අමාත්‍යවරුන්ගේ අදහස්ද ගෙන මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට සීනි කිලෝ ග්‍රැම් එකක මිල රුපියල් 230ක් පමණ මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර පරිප්පු කිලෝ ග්‍රැමයක මිලද රුපියල් 250ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊට අමතරව තවත් අහාර ද්‍රව්‍ය ගණනාවකම මිල සැලකිය යුත මට්ටමින් ඉහළ ගොස් ඇත.
මීට අමතරව අඩු ආදායම්ලාභීන්ට සතොස හරහා මෙ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලකට ලබා ගැනීම සම්බන්ධයෙන්ද යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පවසා ඇත.
කෙසේ වුද මේ වනවිට වෙළෙඳ අමාත්‍යබපන්දුල ගුණවර්ධන මහතා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන හෙයින් හෙට දිනයේ කැබිනට් රැස්වීම සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවද ආරංචි මාර්ග සඳහන් කළේය.