සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආසියානු කුසලානය මුවවිට තබාගෙන සිම්බාබ්වේ සමග තරගාවලි ජයග්‍රහණයක් ලබාගෙන අපට ආතල් ගත හැකි ද?

by editor
අගෝස්තු 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තරගාවලිය දිනුම්ය.  අද තරගය ජය ගන්නේ කඩුළු 05කිනි. අවසන් ඕවරයේ තුන් වැනි පන්දුව තෙක් තරගය ඇදී ගියේය. පැතුම් නිශ්ශංක නැවත ප්‍රදර්ශනාත්මක පිතිකරණයක නිරත විය.

සිම්බාබ්වේ සමග තරගාවලිය 2-0කින් ජයග්‍රහණය කළ බව සැබෑය. නමුත් මේ තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්නේ තියුණු තරගයකින් පසුවය. පළමු තරගයේ දී  ඔවුන් හිටියේ ජයග්‍රහණයේ මුවවිටේය. ඒ ජයග්‍රහණයේ අභිලාෂකාමී ගමන නවතින්නේ අවසන් පන්දු ඕවරයේ ඩිල්ෂාන් මධුශංක කළ වික්‍රමයෙනි.

අද තරගයත් සිම්බාබ්වේ කණ්ඩායම අභියෝගාත්මක පිතිකරණය යෙදුනේය. කදිම පන්දු යැවීමක නිරත වූයේය. සිකන්දර් රාසා මුළු තරගය පුරාම පන්දුවට පහරදීමෙන් පමණක් නොව පන්දු යැවීමෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලකළ අභියෝගය ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ ආශ්වාදයෙනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළේය. අප දකින්නේ අත් නොහැර තරග වදින සිම්බාබ්වේ ක්‍රීඩකයින්ය. බෙන් කරන් පන්දු 95ක දී ලකුණු 79කි. සිකන්දර් රාසා නොදැවී ලකුණු 59කි. ක්ලිව් මඩන්ඩේ ලකුනු 36ක් බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 20ක්, නායක සේන් විලියම්ස් ලකුණු 20ක් ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ විනය තිබුණේ බරපතල තැනකය. පන්දු ඕවර 50ක තරගයක වයිඩ් පන්දු 19ක් යැවීම ඛේදවාචකයකි. ඒ සමග පන්දු ඕවර 3කුත් පන්දුවක් වැඩිපුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යවා තිබිණි. සමස්ථ අතිරේක ලකුණු සංඛ්‍යාව 22කි. පන්දු ඕවර 50 අවසානයේ දි සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ලකුණු 277ක් කඩුළු 07ක් දැවී ලබා ගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ජයග්‍රාහී ඉලක්කය ලකුණු 278කි. අසිත ප්‍රනාන්දු පන්දු ඕවර 9ක් යවා ලකුණු 67කට කඩුළු 2කි. දුෂ්මන්ත චමීර ලකුණු 52ට කඩුළු 3කි. ජනිත් ලියනගේ පන්දු ඕවර 7ක් යවා ලකුණු 36ට කඩුළු 1කි.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රි ලංකා කන්ඩායම යළිත් වරක් ගොනු කරන්නේ පැතුම් නිශ්ශංකය. පැතුම් හතරේ පහර 16ක් සමග පන්දු 136ක දී ලකුණු 122ක් රැස් කළේය. නායක චරිත් අසලංක පන්දු 61ක දී ලකුණු 71ක් ලැබීය. සධීර සමරවික්‍රම ලකුනු 31කි. ඊට පන්දු 46ක් වැය කළේය. ජනිත් ලියනගේ නොදැවී ලකුණු 19කි. තරගයේ වීරයා පැතුම්ය.

අප කඩුළු 5කින් අවසන් පන්දු ඕවරයේ දී ජයගත් බව සැබෑය. නමුත් අපට වඩා සංයමයකින් සිම්බාබ්වේ පන්දු යවන්නෝ පන්දු යැවූහ. ඔවුන් තරගය පුරාම පීඩනය ඇති කළේ ඒ සංයමත් සමගය. අප අතිරේක ලකුණු 22ක් දෙන විට සිම්බාබ්වේ පන්දු යවන්නන් ලබා දෙන්නේ අතිරේක ලකුණු 11කි. අප වයිඩ් පන්දු 19ක් යවනවිට ඔවුන්ගෙන් වාර්තා වන්නේ වයිඩ් පන්දු 06කි. අප අවසන් මොහොත දක්වා පීඩනයක් කරගෙන තිබුණේ අප විසින් ඔවුන් වෙත ප්‍රදානය කළ අතිරේක පන්දු ඕවර  03 යි පන්දුවක් සහිත ලකුණු 19 ය.

ආසියානු කුසානය මුවවිටේ තියාගෙන ශ්‍රේණිගත කිරීමේ දී අපට වඩා ස්ථාන 07ක් පහළින් සිටිනා  සිම්බාබ්වේට තරගාවලියක් ගසා ආතල් ගත නොහැක්කේ මේ ඇත්ත කතාව දකින විටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විපක්ෂයේ සියලුම පක්ෂත් සමග එජාපය පක්ෂ සම්මේලනය සමරන්නට හදයි!

Next Post

පෙට්‍රල් – සුපිරි ඩීසල් මිල අඩු වෙයි…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.