බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආවාට ගියාට හාල් ගෙන්නුවොත් ඔක්කොම අමාරුවේ – අනුර ප්‍රියදර්ශන යාපා මුදල් කරක සභාවේදී කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආනයන තහනම නිමා කරමින් , සහල් ආනයනයට නැවතත් අවසර ලබාදෙන්නේ නම්, ඉදිරියට පැමිණෙන යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව නිසි පුරෝකථනයක් කිරීමෙන් අනතුරුව පමණක් එය සිදු කළ යුතු බව පසුගියදා (01) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් විසින් නිර්දේශ කර තිබේ.

මෙහිදී, මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දුන්නේ, පවතින සුවිශේෂි තත්ත්වයන් යටතේ දේශීය වී ගොවියාට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට, ගුණාත්මක භාවයෙන් හෙබි සහල් පරිභෝජනයට අවස්ථාව සලසා දීම සඳහා මේ තත්ත්වය තාර්කිකව විශ්ලේෂණය කර, පුරෝකථන වලට එළඹිය යුතු බවය.

එහිදී ආනයන අපනයන අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිතුරු දෙමින් සභාව හමුවේ අනාවරණය කර සිටියේ දැනට ලැබී ඇති දත්ත අනුව, අපේක්ෂිත යල අස්වැන්න ගියවර මෙන් මෙවරද 2/3ක් පමණක් වීමට ඉඩ ඇති බවයි.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු මහතා කාරක සභාවට පෙන්වා දුන්නේ, මෙසේ බලපත්‍ර රහිතව සහල් ආනයනයට ඉඩදීම මඟින් ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා සහල් ආනයනයට ව්‍යාපාරිකයන් පෙළඹීම හේතුවෙන් දේශීය ගොවියා අසීරුතාවයන්ට මුහුණ පෑම වැළෑක්වීමට මුදල් අමාත්‍යංශය මැදිහත් විය යුතු බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නිදර්ශනයක් වශයෙන් ඉන්දියාව හා සන්සන්දනය කර බැලීමේදී සෑම ආර්ථික මටිටමකම පුරවැසියන්ට අඩු මිලට මිලදී ගත හැකි සහල් වර්ගයක් දේශීය වෙළඳපොළේ තිබීම වැදගත් බවද හෙතෙම මුදල් අමාත්‍යංශ නිලධාරීන් හට පෙන්වා දුන්නේය.

මුදල් අමාත්‍යවරයාගේ නියමය පරිදි කැකුළු, නාඩු ,සම්බා ඇතුළු සහල් වර්ග ආනයනය සඳහා අවසර ලබාදෙන අතිවිශේෂ ගැසට් පත්‍රයක් සඳහා අනුමැතිය ලබාගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරුණු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ නිවැරදි සහ තාර්කික තක්සේරුවකින් තොරව මෙවන් නියෝග වලට එළඹීම මඟින් ඇතිවන සාර්ව බලපෑම සම්බන්ධව මීට වඩා නිලධාරීන් විමර්ශනාත්මකව කටයුතු කිරීම අවශ්‍ය වන බවයි.

එසේම සහල් වෙළඳපොළ සම්බන්ධව පාරිභෝගික අයිතීන් පිළිබඳව කටයුතු කරන පාරිභෝගික කටයුතු අධිකාරිය මීට වඩා සක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව සහ දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් යෙදීමේ වැදගත්කම කාරක සභාවේදී සාකච්ඡාවට ලක්විණි.

මීට අමතරව , පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විසර්ජන පනත් කෙටුම්පත රජයේ ප්‍රතිපත්තීන්ට කෙතරම් දුරට අනුකූල වන්නේද යන්න පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් ඉදිරිපත් කරන වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කාරක සභාවෙහි අනුමැතිය පළවිණි.

මෙහිදී කාරක සභාව හමුවට පැමිණ සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමසා සිටියේ 2021 අයවැය පුරෝකථන සපුරාගැනීමට හැකිවූයේද යන්නයි. මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන හා දත්ත අනුව කාරක සභාවට නිරීක්ෂණය වන්නේ සියලුම ණය පියවා ගැනීමට දේශීය අරමුදල් පමණක් භාවිත කරන්නේ නම්, නුදුරු අනාගතයේදී පොලී අනුපාත ඉහළ යාමක් බවත් එය දේශීය පෞද්ගලික ක්ර්මාන්ත කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බවද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ඉනිම අත්හිටවයි… කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක්!

Next Post

ආණ්ඩුවේ Fact Research බොරුයි කී හමුදා සෙබලුන්ගේ බාල ආහාර වේල ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.