දිනසේන රතුගමගේ –
”කාර්තිහෙයි තීපම් විලා” උත්සවය සඳහා පහන් තැබීමට ගිය අවස්ථාවේදී යාපනය විශ්ව විද්‍යාලය තුළ ඊයේ (18) රාත්‍රියේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ.
මහවිරු උළෙල වෙනුවෙන් පිරිසක් පැමිණ පහන් දැල්වීමට යන බවට ආරක්ෂක අංශ වලට ලද තොරතුරක් මත ආරක්ෂක අංශ යාපනය විශ්ව විද්‍යාල භූමියට කිසිවෙකුටත් ඇතුලු වීමට අවසර ලබා නොදෙන මෙන් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට දැණුම් දී තිබේ.
විශ්ව විද්‍යාල සිසුන් පැමිණ පහන් දැල්වීමට ගිය අවස්ථාවේදී යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ ඊට අවසර ලබා නොදීම නිසා විශාල නොසන්සුන් තත්ත්වයක් හට ගත් අතර පසුව විශ්ව විද්‍යාල පාලක සභාව ආරක්ෂක අංශ දැනුම්වත් කිරීමෙන් පසුව පහන් දැල්වීම සදහා සිසුන්ට අවස්ථාව හිමි වී තිබේ.