ශ්‍රියානි විජේසිංහ –
ආයතන විනාශ කරන්නේ වෘත්තීය සමිති නම්, වෘත්තීය සමිති නැති පොලිසිය මේ රටේ හොඳම ආයතනය විය යුතු බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මේ බව ප්‍රකාශ කළේ වෘත්තීය සමිති යනු ආයතන විනාශ කරන පිළිකා බවට ඊයේ (16) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
රවී කුමුදේශ් පැවසුවේ පොලිස්පතිට පාතාලයයි වෘත්තිය සමිතියි පැටලී ඇතිවාක් මෙන්ම ජාවාරම්කාරයන් සහ වෘත්තිය සමිතියි තවත් විදිහකින් පටලී ඇති බවය. .
පොලිසියෙන් ඉටුවිය යුතු මහජන සේවාවන් පැහැර හැරෙමින් තිබෙන මොහොතක, ඒවා පිළිබඳව අවධානය යොමු කරන්නැයි ඉල්ලා සිටින බවද හෙතෙම පැවසුවේය.
රථවාහන පාලනය පමණක් ගත්තත් අද ලංකාවෙ තියෙන්නේ නොදියුණුම රටවල් කිහිපයකක ඇති ක්‍රමවේදයක් යැයිද රවි කුමුදේශ් පෙන්වා දුන්නේය.









