ආබාධ සහිත පුද්ගලයන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා නියමයන් සඳහන් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඉල්ලුම්කරුගේ ආබාධිත තත්ත්වය යටතේ රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළව වෛද්‍ය නිර්දේශය ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින්නේ නම් එම අයැදුම්කරු තාක්ෂණික කමිටුවකට යොමු කළ යුතු බව චක්‍රලේඛයේ සඳහන් වෙයි.
මෙම තාක්ෂණික කමිටුවවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර මෝටර් රථ කොමසාරිස්වරයෙක්, ජ්‍යෙෂ්ඨ මෝටර් වාහන පරීක්ෂකවරයෙක් සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා විසින් නම් කරනු ලබන වෛද්‍යවරයෙක් නියෝජනය කෙරෙති.
මේ අනුව නව කමිටුව මගින් විවිධ ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධ තත්වයන් හඳුනාගෙන ඔවුන් සඳහා සුදුසු පරිදි රිය බලපත්‍ර ලබාගැනීමට අදාළ නිර්දේශ සිදුකරනු ලබයි. මෙම කමිටුව සෑම මසකම සිකුරාදාවන්හිදී රැස්වන අතර ආබාධ සහිත අයැදුම්කරුවන් සිය ඉල්ලුම්පතට අමතරව රියැදුරු බලපත්‍ර සඳහා අවශ්‍ය කරන ලිපි ලේඛන හා වෛද්‍ය වාර්තා ද එම කමිටුවට ඉදිරිපත් කළ යුතු බවත් චක්‍ර ලේඛයේ සඳහන්ව ඇත.
මෙම ක්‍රියාවලිය තුළ ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් අදාළ අයැදුම්කරුට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට ද චක්රලේඛයෙන් විධිවිධාන සලසා තිබේ.
රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ආබාධිත පුද්ගලයන් ලක්ෂ හයක් පමණ සිටින බව මේ වන විට හඳුනාගෙන ඇත.