අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැන දැන මිනී මරල ද?… මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේ දිලීර ආසාදනයකින් මරණ 03ක්…

වාර්තා නොවුන මරණ ප්‍රමාණයක් ද ඇති බවට සැකයක්... උපකරණවල දිලීර තිබිය හැකි බව රෝහලෙන් ඉහළට කිව්වත් සලකා නෑ...

by editor
ජූලි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ පරිතාන කාන්දුකරණයට ලක්වූ රෝගීන් අතරින් ඉකුත් මාස දෙක තුළ  රෝගීන් තිදෙනෙක්  දිලීර   අසාත්මිකතාවයකින් මියගොස් ඇතැයි වාර්තා වේ.

තව වාර්තා නොවූ මරණ ප්‍රමාණයක් ද ඇති බව මේ සම්බන්ධව කළ විමසීමක දී අභ්‍යන්තර රෝහල් ආරංචි මාර්ග හෙළි කළේය.

පරිතාන කාන්දුකරණය-

පරිතාන කාන්දුකරණය යනු වකුගඩු රෝගීන්ගේ  උදර කුහරයේ බිත්තිය විද උදර කුහරයට ඇතුළු කරන ලද ප්සාස්ටික් නලයක් තුළින් විශේෂිත වූ ද්‍රාවණයක් යවා සිදුකරන සිරුර අභ්‍යන්තරය පිරිසිදු කිරීමකි.

එම ද්‍රාවණය පැය කීපයක් උදර කුහරය තුළ තැබීමෙන් විෂ බීජ සහ ලවන ජලය හුවමාරු වෙමින් පිරිසිදු කිරීමක් සිදුකෙරේ.  පැය කීපයකින් පසුව එම ද්‍රාවණය ප්ලාස්ටීක් බටය හරහාම උදර කුහරයෙන් පිටතට ඉවත් කරනු ලැබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පරිතාන කාන්දුකරණයට ලක්වන රෝගියෙක් නිවසේ දී මෙම ක්‍රියාවලිය සිදුකරගන්නා අතර දිනකට තුන් වරක් හෝ හතර වරක් එය සිදු කිරීමෙන් සිරුරේ එකතුවන  නයිට්‍රජනීය අපද්‍රව්‍ය ලවණ අම්ල සහ අප ජලය ශරීරයෙන් ඉවත් කළ හැකිය.

දිලීර අසාත්මිකතා

මෙම ප්‍රතිකාර ක්‍රියාවලියේ දී   දිලීර ආසාත්මිකතා  මත     රෝගීන් වැඩි සංඛ්‍යාවක්  අසාධ්‍ය තත්ත්වයට පත් වී තිිබිණි.

පසුව එම  රෝගීන්ගේ පරිතාන කුහරයට සවිකර තිබූ පරිතාන කාන්දුකරණ උපකරණ නැවත ගලවා දැමීමටත් එම රෝගීන්ට මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබා දීමටත් සිදුවූ බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.

පරිතාන කුහරයට සවිකර තිබූ බටය  ගලවා දැමිමෙන් පසු මෙම රෝගීන්ට  දින දාහතරක් පුරා ප්‍රති දිලීර ප්‍රතිජීවක ඖෂධ antifungal drug)  ලබාදීම සිදු කර ඇත.

එම ප්‍රති දිලීර සහිත ප්‍රතිජීවක ඖෂධ මාත්‍රාවක් රුපියල් 60,000 ක වටිනාකමකින් යුක්ත බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

අනුමාන හේතුව

පරිතාන කාන්දුකරණ ඒකකයෙන් රෝගීන්ට ලබාදී ඇති පරිතාන කාන්දුකරණයට අදාල උපකරණ කට්ටලයේ දිලීර වර්ධනය වීම මත මෙම මරණ සිදු වන්නට ඇතැයි යන සැකය  නැවත මතුවන්නේ  මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ ලියාපදිංචි රෝගියෙක් පෙරේදා රාත්‍රියේ මිය යෑමත් සමගය.

ඔහු වෛද්‍ය නිලධාරියකුගේ පියෙකු වන අතර නිවසේ සිට පරිතාන කාන්දුකරණයට යොමු කරන ලද අයෙකි. වයස අවුරුදු හැත්තෑ අටක් වූ මොහු එච්.එම් හේරත් ය.

ඖෂධ සමාගම

මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ පරිතාන කාන්දුකරණ ඒකකයට සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය මත ලුසෙන්ෂියා නැමැති ආයතනය මගින් පරිතාන කාන්දුකරන උපකරණ තොග ලබා දී ඇත. ඔවුන් ඉන්දියානු  වෛද්‍ය  උපකරණ නිශ්පාදන සමාගමක් වන St.Stone Medical Devices Private Limited හි දේශීය සැපයුම්කරුය.

එම තොගයේ තිබූ උපකරණවල කැතීටරයේ කෙළවර ආවරණය කරන මූඩිය සහ රෝගියාගේ සිරුරේ පරිතාන කුහරයට යොදන දියරමය ද්‍රාව්‍යයේ  දිලීර හටගෙන ඇතැයි යන සැකය සෞඛ්‍ය අංශයේ නිලධාරීන් ට මින් පෙර සිට ඇති වී තිබු බව ද දැන ගන්න ට තිබේ.

“Lot number  06” සහිත ඒවා තිබේ නම් වහාම ගෙනත් දෙන්න කියන්න” රෝහල යැවූ වට්ස්ඇප් පණිවිඩය…

මේ සම්බන්ධයෙන් ඉකුත් මාර්තු මස අග සිට මේ දක්වා කරුණු සොයා බලා ඇති අතර අවස්ථා දෙකක දී පමණ අදාල උපකරණ කට්ටල නැවත හරවා යවා ඇති බවද  රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

අදාළ උපකරණ කට්ටල භාවිත කළ රෝගීන් ආසාදන තත්වයන් සමග රෝහල් ගත වීමෙන් අනතුරුව ඔවුනට රුපියල් හැටදහසක් වටිනා ප්‍රතිජීවක ඖෂධ දින දාහතරක් පුරා නේවාසිකව ලබාදෙමින් ඔවුන්ගේ පරිතාන කාන්දුකරණ ක්‍රියාවලිය නතර කොට වෙනත් ප්‍රතිකාර සඳහා යොමු කළ බව  අත්දැකීම් විඳි රෝගීහු ලංකාසරට පැවසූහ.

මේ අතර මෙම උපකරණ භාවිතයට නුසුදුසු බැව් දැනගත් රෝහල් කාර්ය මණ්ඩලය එම උපකරණ නැවත රෝහල වෙත ගෙන එන්නැයි රෝගීන් හා සම්බන්ධවන වට්ස් ඇප් සමූහ හරහා දැනුම් දී ඇත.

“Lot number  06” සහිත ඒවා තිබේ නම් වහාම ගෙනත් දෙන්න කියන්න” රෝගීන්ට වට්ස් අප් සමූහය ඔස්සේ යැවූ පණිවිඩයේ දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආබාධ සහිත අයට රියදුරු බලපත් දෙන්න යයි

Next Post

මාරවිල මීසමක් බාර පාදිලියෙක් අවුරුදු 02ක් තිස්සේ දරුවෙක් බරපතල ලිංගික අපයෝජනයට ලක්කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.