තමන් ඉතා කැප කිරීමකින් බලයට පත් කර ගත් මේ ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් නොමග යැවීමයට ඇතැම් කේවට්ටයන් ක්‍රියා කරන බවත් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කරන ආචාර්ය පී.බී ජයසුන්දර එවැනි එක් පුද්ගලයකු බවත් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ චෝදනා කරති.
උන් වහන්සේ පවසන්නේ තමන් වහන්සේගේ සමීප කල්‍යාණ මිතුරකු වුවද ආචාර්ය පී.බී ජයසුන්දර යනු ඔහු සේවය කළ කිසිදු නායකයකුට නිසි ලෙස රට කරවීමට ඉඩ නොදුන් පුද්ගලයකු බවය.
මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ තවදුරටත් මෙසේද පැවසූහ.
“ අපි ඉතා කැපවීමන් බලයට පත් කරන ලද ආණ්ඩුවට අද රිංගාගෙන ඉන්න ඇතැම් පුද්ගලයන් ආණ්ඩුව ඔවුන්ට ඕනෑ විදිහට හසුරුවනවා.මට සැකයක් තිබෙනවා මේ ආණ්ඩුව ඉක්මනින් අපකීර්තියට ලක් කිරීමට ඇතැම් බලවේග ක්‍රියාත්මක වෙනවද කියල. නාරාහේන්පිට අභයාරාමය කියන්නේ මේ ආණ්ඩුව බලයට පත් කිරීමට වුවමනාවටත් වඩා කැප කිරීමක් කළ තැනක් බව අද බොහෝ දෙනකුට අමතක වෙලා. මේ ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්න ඇතැම් කේවට්ටයන් අද ජනාධිපතිවරයාවත් නොමග යවන තැනකට පත්වෙලා. එවැනි පුද්ගලයෙක් තමයි ජනාධිපති ලේකම් තනතුරට පත් වෙචච ආචාර්ය පී.බී ජයසුන්දර මහත්මයා. ඔහු චන්ද්‍රිකා ජනාධිපතිනියටත්කරන්න ුදන්නේ නෑ. මහින්ද ජනාධිපතිතුමාටත් කරන්න දුන්නේ නෑ . මේ ජනාධිපතිවරයාත් ඒ අවදානමට මුහුණ දී සිටිනවා“