බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ ප්‍රමුඛ අධ්‍යාපන ප්‍රතිපත්තියට අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම උදැල්ලක්…

සාධාරණ පදනමක් නැතිව විශේෂ අධ්‍යාපන ගුරු සිසුන් බඳවා ගැනීමේ කප්පාදුවක් ක්‍රියාත්මක කරයි!...

by editor
පෙබරවාරි 23, 2025
in පුවත්
Harini
Share on FacebookShare on Twitter
  • අගමැතිනිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විශේෂ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රය ඉහළට ගන්න යද්දී අධ්‍යාපන අමාත්‍යාශංය තුළින්ම බාධා එන ලකුණු!

විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විශිෂ්ට අධ්‍යාපන සැලැස්මක් රජය විසින් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කරමින් ඇති පරිසරයක එම සැලැස්ම සාර්ථක කිරීමේ ප්‍රමුඛ වගකීම් දැරිය යුතු විශේෂ අධ්‍යාපන ගුරුවරුන් බිහිවීම සීමා කරමින් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සදහා විශේෂ අධ්‍යාපන ගුරු සිසුන් බඳවා ගැනීම කප්පාදු කිරීමට යම් පිරිසක් උත්සාහ කරමින් සිටින ආකාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

නිශ්චිත විද්‍යාත්මක අධ්‍යයනයකින් තොරව, රටේ පවතින විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු පුරප්පාඩු සම්බන්ධව දැනුම්වත්වීමක් රහිතව   2021 සහ 2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශේෂ අධ්‍යාපන විෂය සඳහා සිංහල මාධ්‍යයෙන් ගුරු සිසුන් බඳවා ගැනීම වසර දෙකට ලංකාවෙන්ම 30 දෙනෙකුට පමණක් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබිණි.

ඒ අනුව 2021 වසරේ ගුරු සිසුන් 15ක් සහ 2022 වසරේ ගුරු සිසුන් 15ක් ලෙස වසර දෙකටම 30 දෙනෙක් පමණක් බඳවාගෙන ඇති  අතර 2023 වසර සඳහා ද සිංහල මාධ්‍යයෙන් විශේෂ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රය සඳහා ගුරු සිසුන් බඳවා ගැනීමේ දී වසරකට 30 දෙනෙකුට පමණක් සීමා කර ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ තත්ත්වය ඇති කර තිබෙන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විශේෂ අධ්‍යාපන විෂයෙහි දැවැන්ත පරිවර්තනීය වෙනසක් කිරීමට රජය සැලසුම් කර තිබෙද්දි වීමත් ඒ සදහා ප්‍රමුඛම සම්පත් පුද්ගලයින් නිර්මාණය කරන පාඨමාලාව මේ ආකාරයෙන් කප්පාදු කර තිබීම ඒ අනුව ගැටලු සහගත බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෙසේ වෙතත් විශේෂ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයේ ඉදිරි ස්ථාවරය සම්බන්ධව අධ්‍යාපන ඇමතිනී අගමැති ආචාර්ය හරිනී අමරසූරිය විසින් එම ක්ෂේත්‍රයේ විද්වත් පිරිසක් සමග කළ සාකච්ඡාවක දී අවධාරණය කර ඇත්තේ 2025 සැලසුම් කර ඇති අධ්‍යාපන ප්‍රතිපත්තිය 2026 වසරේ දී ක්‍රියාත්මක කිරීමේ දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

අගමැතිනිය එම හමුවේ දී මෙසේ ප්‍රකාශ කළාය.

“විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පොදු සමාජය තුළ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ පිළිගැනීමක් සැකසිය යුතුයි. Clean sri lanka ව්‍යාපෘතිය තුළත් අපි බලාපොරොත්තු වෙන්නේ එම කාර්යය සිදු කරගන්න.

අපේ රටේ ප්‍රතිපත්ති ඕන තරම් තියෙනවා. ඒවා ක්‍රියාත්මක නොවීම තමයි ප්‍රශ්නේ. අපි දකින විදියට මෙතන විශේෂම දෙයක් තමයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න මුදල් වෙන් වෙන්න ඕනේ. ඒක තමයි අපි මේ වෙලාවේ 2025 වර්ෂයේ අයවැය මගින් විවිධ කාර්යයන් සඳහා නිශ්චිතවම මුදල් වෙන්කරලා තියෙන්නේ.”

“අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අනිවාර්යෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය මාතෘකාවක් බවට පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය පුද්ගලයන් අපි ඒකට පත් කරලා තියෙනවා.”

මේ මොහොතේ අපි අධ්‍යාපනය විශාල පරිවර්තනයක් සකස් කරමින් ඒකට සූදානම් වෙමින් යනවා. එතකොට ඒකට අදාළ ප්‍රතිපත්ති 2025 වර්ෂයේ සකස් කරමින් යන්නේ, 2026 තමයි අපි මේක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නේ. මේක දීර්ඝකාලීන සැලැස්මක්. මේක මුළු පද්ධතියම වෙනස් කරන එකක්. අනිවාරයෙන්ම එහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා.”

“සෑම පාසලකම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සාමාන්‍ය පරිදි අධ්‍යාපනයේ යෙදවීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේක විශාල ක්‍රියාවලියක්. එකවරම ඒක කරන්න බෑ ක්‍රමක්‍රමයෙන් එම අරමුණු ඉෂ්ට කරගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ”

“මෙහි මූලික පියවරක් වශයෙන් අවම වශයෙන් එක් අධ්‍යාපන පරිපාලන කලාපයක එක පාසලකවත් මෙම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සුදුසු තත්ත්වයට පත්කිරීමට අපි කටයුතු කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධීවර කොල්ලයට පැමිණි ඉන්දීය යාත්‍රා 05ක් සහ ධීවරයින් 32ක් නාවික හමුදා අත් අඩංගුවට…

Next Post

ගොයම් කපන්නත් මාෆියාවක්… යන්ත්‍රවලින් වී අස්වනු නෙලන්න අක්කරයකට කුලිය 50,000 පනී….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.