වහාම ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන පියවර 11ක් හුවා දක්වමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහිත සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ඉල්ලා ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම් තුනක් සහ මන්ත්‍රීවරයෙක් ජානාධිපතිවරයාවෙත ලිපියක් යවා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ දහයේ එකතුව වෙනුවෙන් වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා පොදු පෙරමුණ (ස්වාධීන) නියෝජනය කරමින අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මෙම ලේඛණයට අත්සන් තබා ඇත.
එම ලිපිය පහත දැක්වේ.