-
“ජාති භේද අපට නැතේ – පක්ෂ භේද අපට නැතේ
සාධරණ රටක් පුතේ – නොහැදුවොතින් හෙටක් නැතේ… “සිසුහු හඬ නගති
ධාරාණිපාත වර්ෂාව මැද සිසුහු දහස් ගණනක් කැලණිය විශ්විද්‍යාල භූමියේ සිට පා ගමනින් පැමිණ ෙපාර්ලිමේන්තුව ඉදිරිපිට කළ දැවැන්ත උද්ඝෝෂණය ජල ප්‍රහර එල්ලකරමින් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.
රටේ බිඳ දැමූ සමාජ ආර්ථික තත්වයට විරෝධය පලකරමින් සංවිධානය කළ මෙම දැවැන්ත විරෝධතා පා ගමන සහ විරෝධතාවය සඳහා දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසු නියෝජනයන් එක් වී ඇත.
විරෝධතා ව්‍යාපාරය සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය ද එක් වී සිටියේය. විරෝධය දැක්වීම සඳහා මෙම තරුණ සිසු සිසුවියන් එක් වී සිටින්නේ අධ්‍යයන කටයුතු හා විභාග කටයුතු පවතින මොහොතකදි ය.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර එක් වී පසුගිය දින කිහිපයේ ම විරෝධතා ගණනාවක් සිදු කරනු ලැබුවේය.
ඊයේ රාත්‍රියේ දී පේරාදෙණි සරසවි සිසුන්, මහනුවර නගර මධ්‍යයේ විරෝධතාවක් සංවිධානය කර තිබුණේ නිර්මාණශීලී ස්වරූපයක් සහිතවය.