නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ දී පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර එකඟතාවයක් ඇති නොවීම නිසා නව පත්කිරීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ.
මෙම විසංවාදය ඇතිවීමට පෙර පොදුජන පෙරමුණට ආණ්ඩුකාර තනතුරු 5ක් හා එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුකාර තනතුරු හතරක් ලෙස බෙදාගෙන තිබිණි. එක්සත් ජාතික පක්ෂයට දකුණ, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර ආණ්ඩුකාර තනතුරු යෝජනා වී තිබුණු බව වාර්තා විය.
එහෙත් එකසත් ජාතික පක්ෂයට යෝජනා කළ පළාත් ද ඇතුළුව පළාත් කීපයකට දැනට සිටින ආණ්ඩුකාරවරුම පත් කරන ලෙස පොදුජන පෙරමුණ යෝජනා කර තිබේ.
මේ තත්ත්වය තුළ ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධව අවසන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා ආණ්ඩුකාරවරු පත් කිරීම ප්‍රමාද විය හැකි බව අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.