ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ඡේදයෙන් සෞඛ්‍ය සේවාව, මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස සඳහන් කර නොමැතා බව නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කරයි.
මේ අනුව ඉදිරියේදී ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සෞඛ්‍ය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස සටහන් කළ යුතුය යැයි ඔහු වැඩිදුරටත් අනාවරණය කරයි.
වෘත්තීය සමිති කළ යුතු වන්නේ රෝගීන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඉල්ලීම් දිනා ගැනීම බවත් එසේ නොවුණහොත් රජය අත්‍යවශ්‍ය සේවාවක් බවට සෞඛ්‍ය සේවාව පත්කර ගැසට් පත්‍රයක් නිකුත් කිරීම තුළ සේවය වාර්තා නොකිරීමෙන් ඔවුන් සේවය අතහැර යාමක් සිදුවනු ඇතැයිද ප්‍රතිභාමාහානාමහේවා සඳහන් කරයි.
සෞඛ්‍ය වැඩ වර්ජනයන් හේතුවෙන් රෝගීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවීමට නම් රෝගී සංගම් තිබිය යුතු බවත් අවාසනාවකට ලංකාව තුළ එවැනි සංගම් නොමැති වීමෙන් රෝගීන්ට සිදුවන්නේ අසාධාරණයක් යැයිද නීතීඥවරයා පෙන්වාදේ.