සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආඩම්බරකාර පියෙක් “ලොකු පුතා“ ගැන තැබූ සටහන…

by editor
දෙසැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අමා මන්දස්මිතා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ගේ දෙටු දියණියය. ඒ දියණිය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි ඉංජිනේරු අංශයෙන් ප්‍රථමයා වී සිය උපාධිය හිමිකරගත්තාය. ඇය සරසවි ප්‍රවේශ වන්නේ විශාඛාවේ දක්ෂම දියණිය ලෙසිනි. පොදු මනුෂ්‍ය ජීවිතයේ අත්විඳින දුර්භෝග වැඩිපුරම විඳිමින් තාත්තාගේ දේශපාලන වරදානයන්ගේ ප්‍රභාව නොලද සිය දියණිය ලද ජයග්‍රහණය පිළිබඳ ඉපිලෙන සිතින් චම්පික රණවක විසින් මේ සටහන ඊයේ සිය ෆේස් බුක් ගිනුමේ තබා තිබිණි.

Champika-Ranawaka -Ama

චම්පික රණවක සහ අමා මන්දස්මිතා රණවක

හයිමන් ජෝර්ජ් රික්ඕවර් නම් එක්සත් ජනපද නාවුක අද්මිරාල්වරයා න්‍යෂ්ටික සබ්මැරීනයේ පියා ලෙස හැඳින්වේ. ඔහු කළ වැදගත් ප්‍රකාශයක් වූයේ 1965 උපන් X පරපුර සිය ජීවිත කාලය තුළම ඉන්ධනයක් ලෙස තෙල් භාවිත කිරීමේ අවසානය දකිනු ඇති බවය. මා අයත් වන්නේ ඒ පරපුරටය.
මගේ දියණිවරු අයත් වන්නේ 1995 න් පසු ඇරඹෙන Z පරපුරටය.
මගේ වැඩිමහල් දියණිය අමා මන්දස්මිතා අද දින (22.12.2021) මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය ලබාගත්තාය. ඇයට පළමු පෙළ සාමාර්ථයක් ලබා ගැනීමට ද දෙපාර්තමේන්තුවේ පළමුවෙනියා වීමට ද හැකි විය. ඇගේ ඒ ජයග්‍රහණයන් පිළිබඳව සඟවා ගත නොහැකි ආඩම්බරයක් මට තිබේ.
ඇයට හා ඇගේ වසර කණ්ඩායමේ ඇගේ සහෝදර සියලු උපාධිධාරීන්ට මාගේ සුබ පැතුම්!
අමා මන්දස්මිතා මේ ගමන ආවේ විවිධ දුක් ගැහැට මැද ය. මා ඇයගේ පියා වීම නිසා ඇයට ගැරහුම්, අපහාස, අවමාන ලැබිණි. ඒවාට ඇය මට සමාව දෙනු ඇතැයි සිතමි. එසේම ඒ සියලු හැලහැප්පීම් මැද ඇගේ මව ඇයට විශාල ශක්තියක් වූ බවද කිව යුතුමය.
ඇය පාසල් ගියේත් විශ්වවිද්‍යාලයට ගියේත් පොදු ප්‍රවාහණයෙනි. මා මෙන්ම ඇය ද විශ්ව විද්‍යාලයට ගියේ කොට්ටාව – ගල්කිස්ස 255 බස් රථයෙනි. මට ඉගැන්වූ ගුරුවරු ඇයගේ ද ගුරුවරු වූහ. මගේ සමහර සමකාලීනයෝ ද ඇයගේ ගුරුවරු වූහ.
ඒ සියළුදෙනාට ඇයගේ ජයග්‍රහණය ඉදිරියේ ස්තූතිවන්ත වෙමි.
එමෙන්ම ඇය උගත් විශාඛා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනිය ඇතුළු ගුරු භවතුනට ද මගේ ස්තූතිය පිරිනමමි. ඔවුනගේ ශක්තිය හා රැකවරණය නොවන්නට ඇය විශාඛාවේ හොඳම ශිෂ්‍යාව වීමට ඉඩ නොතිබිණි.
ඉංජිනේරු විද්‍යාවට අමතරව ඇය කළමනාකරණය හා විවිධ භාෂා ප්‍රවීණත්වය ද ලබා ගත්තාය. නීති විද්‍යාල ප්‍රවේශයෙන් ද ලංකාවේ පළමුවැනියා විය.
1943 දී කන්නංගර මහතා ප්‍රමුඛ ප්‍රගතිශීලීන් නිදහස් අධ්‍යාපනය මේ රට තුළ ස්ථාපිත නොකරන්නට මාගේ දියණිය වැන්නවුන් බිහිවන්නේ නැත.
ඇයට මා ඇමතුවේ ‘ලොකු පුතා’ කියාය. පිටස්තරයින් ඉදිරියේ දී ‘අපේ ලොකු මිනිහා’ විය. ඒ ඇමතුම ඇතැමුන් පුදුමයට පත් කළ ද ඇයට ඒ යෙදුම් ගැලපෙන්නේ තරුණියක් වුවද මවක් මෙන් සං‍යත හා පියෙක් සේ පරිණත නිසා ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක රටක් එක නීතියකටත් පෝලිමක්

Next Post

දුම්රිය ස්ථානාධිපතිවරු   වර්ජනයකට සැරසෙති! අද දහවල් සිට ප්‍රවේශපත් නිකුත් කිරීම නවත්වයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.