සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අස්වීමේ සහතිකය ගන්න ගිය මහනුවර ඉහළ පෙළේ බාලිකාවක සිසුවියකට   අනධ්‍යන කාර්ය මණ්ඩලය පැය 03ක් හිංසනයට ලක් කරලා… 

by editor
අගෝස්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා ජාතික පාසලක අධ්‍යාපනය ලද සිසුවියක් සිය අස්වීමේ සහතිකය ලබා ගැනීමට පසුගිය 11 දින පාසලට ගිය අවස්ථාවේ විදුහල්පතිනිය නොමැති බව පවසමින් විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු පැය ගණනක් ඇයව විදුහලේ රඳවා තබා ගනිමින් බැණ තර්ජනය කළ බව කියන සිද්ධියක් පිළිබඳව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියගේ මව ද විදුහල්පතිවරියකි. ඇය අස්වීමේ සහතිකය ලබා ගැනීම පිණිස පසුගිය 11 දින පාසලට ගොස් ඇත්තේ මව සමඟිනි.

පාසල තුළට සිසුවිය පමණක් ඇතුළු කර ගැනීමෙන් පසු මව පැය තුනක පමණ කාලයක් පාසලෙන් පිටත රැඳී සිට ඇත.

දියණිය ප්‍රමාද ඇයිදැයි විමසූ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් ද ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා අද (14) පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට මෙම සිසුවිය   අස්වීමේ සහතිකය ලබා ගැනීම සඳහා පාසලට ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විදුහල්පතිනිය මංගල උත්සවයක් සඳහා සහභාගි වීමට කුරුණෑගල ප්‍රදේශයට ගොස් තිබෙන බැවින් වෙනත් දිනයක පැමිණෙන ලෙස අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දැනුම් දුන් බවත් තම අවශ්‍යතාව දැනුම් දුන් විට ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොපවසා පාසලෙන් පිටවන ලෙස දැනුම් දුන් බවත් සිසුවිය පවසයි.

අස්වීමේ ලිපිය ලබාදෙන ලෙස තමන් දිගින් දිගටම ඉල්ලීම් කළ අවස්ථාවේ ඔවුන් සිසුවියට තර්ජනය කරමින් ඇයට පාසලෙන් පිටතට ඒමට නොහැකි වන ලෙස ගේට්ටු වසා දමා ඇත.

පසුව ඒ පිළිබඳව ඇගේ මව සහ පියා  මහනුවර පොලීසියටත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම්වරියටත් පළාත් අධ්‍යාපන ලේකම් මගින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලයටත් දැනුම් දී තිබේ.

පසුව නියෝජ්‍ය විදුහල්පතිනිය ගේ අත්සන සහිතව අස්වීමේ සහතිකය  දියණිය වෙත ලබා දී තිබෙන බවත් මානසික රෝගී තත්ත්වයක් සඳහා කලක් ප්‍රතිකාර ලබාගත් ඇය මෙම සිදුවීමත් සමඟ යළිත් රෝගී වී සිටින බවත් සිසුවියගේ පියා ප්‍රකාශ කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ ජනතාවට තිබෙන්නෙත් දකුණේ ජනතාවටම ඇති ගැටලු මිස 13 වැනි ව්‍යවස්ථා සංශෝධන ගැටලු නෙවෙයි-අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමි

Next Post

ETF -EPF පොලිය සියයට 9යි… අධිකරණය ඊට එරෙහි පෙත්සම් ප්‍රතික්ෂේප කරන්නේ මුදල් බලය පාර්ලිමේන්තුවට නිසා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.