ශ්‍රියානි විජේසිංහ –
-
රජයේ රෝහල්වල ඉන්සියුලින්වත් නෑ… බේත් නැතිව මැරෙන ලෙඩ්ඩුන් ගැන පොත්පත්වල සටහන් වෙන්නෙ නෑ… මේ ව්‍යසනය කියන්න හෙට දවල් 12ට රට පුරා රෝහල් කාර්ය මණ්ඩල එළියට බසිති…
රජයේ රෝහල්වල අස්ථි සැත්කම් සදහා රෝගියාගෙන් ලක්ෂ ගණනින් මුදල් අයකිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බැවින් රෝගින් මහත් දුෂ්කරතාවන්ට පත්ව අතැයි වාර්තා වේ.
අත්පාවල හෝ උකුලේ අස්ථි බිදී රෝහල්ගත වන පුද්ගලයින් බහුතරයකට සැත්කම කිරීමට මුදල් නොමැති වීමෙන් සති මාස ගණන් ඇඳට වී සිටීමට සිදුව ඇති බවද ලංකාසර කළ විමසුමකදී සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස් මැදිවත්ත සඳහන් කළේය.
අස්ථි ප්ලේට් දමා නැවත සකස් කිරීමට පිටතින් අවශ්‍ය ශල්‍ය උපකරණයන් ගෙන දෙන්නේ නම් වෛද්‍යවරුන් සැත්කම සිදුකරන බව ඔහු සදහන් කළේය.
මාස ගණන් රෝහල් ඇඳන් මත සිටීමට රෝගීන්ට සිදුවිම හේතුවෙන් ඇඳ තුවාල දමා වේදනා විදිමින් සිටින බවද ඇතැම් රෝගීන්ගේ භාරකරුවන් සිය කැමැත්තෙන් නිවසට රැගෙන යන බවද හෙතෙම පැවසුවේය.
මේ අතර ජාතික රෝහල තුළ මේ වන විට ඉන්සියුලින් ඖෂධය නොමැති වීම හේතුවෙන් දියවැඩියා රොගීන් මහත් අසීරුතාවන්ට පත්ව ඇති බවත් ද ඔහු සඳහන් කරයි.
මේ වන විට ජාතික රෝහල තුළ විශාල වශයෙන් ඖෂධ නොමැති වීම හේතුවෙන් රෝගීන් මිය යෑමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති නමුත් ඒවා පොත්වල සටහන් නොවන බවද මැදිවත්ත පැවසුවේ.
කෙසේ නමුත් රෝගීන්ට සිදුව අපහසුතාවන්ට වහාම විසදුම් ලබා දී සෞඛ්‍ය සේවාවවේ පවතින ගැටලු සියල්ලට විසඳුම් දෙන ලෙස ඉල්ලා දිවයින පුරා සියලුම රෝහල් ඉදිරිපිට හෙට දහවල් 12.00ට උද්ඝෝෂණයන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සංගමය සඳහන් කරයි.







