කීර්ති ප්‍රනාන්දු –
දැනට ධාවනයෙන් ඉවත් කර ඇති වසර විසිපහකට වැඩි ආනයනික රුමේනියන් දුම්රිය මැදිරි 250 ක් කඩිනමින් අලුත්වැඩියා කර සේවයට එක් කරන ලෙස ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන උපදෙස් දී ඇත.
අද (02) දින දෙමටගොඩ දුම්රිය මැදිරි අලුත්වැඩියා කිරීම සඳහා ස්ථාපිත් කර ඇති තන්ත්‍රී (Tantri) සමාගම් අංගනයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරයා දුමරිය සාමාන්‍යාධිකාරි ඇතුළු බලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇත.
නව දුම්රිය මැදිරියක් ආනයනය කිරීම සඳහා රු.මිලියන දෙසීයක් පමණ වැය වේ. දුම්රිය මැදිරි අලුත් වැඩියා කිරීම සඳහා දෙමටගොඩ ස්ථාපිත් කර ඇති ත්‍න්ත්‍රී (Tantri) සමාගමෙන්
මැදිරියක් අළුත්වැඩියා කිරීම සඳහා වැයවන්යන් රුපියල් මිලියන 20ක් පමණි.
මේ වන විටත් එම සමාගම මඟින් රුමේනියන් දුම්රිය මැදිරි හා බලවේග කට්ටල මැදිරි 200 ක් අලුත් වැඩියාකොට ධාවනය සඳහා දුම්රිය දෙපාරත්මේන්තුවට භාර දී ඇත.