මනම්පිටිය නිමල් ජයරත්න –
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් අම්පාර ගෝනගල ගම්මානයේ සිවිල් වැසියන් පනස් හතර දෙනෙකු සමූහ ඝාතනය කර වසර 24 ක් ගතවීම නිමිතිකොට ගෙන ඔවුනට පින් අනුමෝදන් කිරීම හා ගෝනගල මහා විද්‍යාලයට වසර හැට අටක් පිරීම නිමිත්තෙන් විශේෂ පිංකම් මාලාවක්, ගෝනගල විද්‍යාල පරිශ්‍රයේදී ඊයේ සිදුවිය.
1999 සැප්තැම්බර් 18 වෙනිදා අම්පාර ගෝනගල ගම්මානයේ සිවිල් වැසියන් පනස් හතර දෙනකු එල්ටීටීඊ ත්රස්තවාදීන් විසින් සමූහ ඝාතනය කිරීමෙන් පසුව ඔවුන්ගේ මළ සිරුරු විද්‍යාලයේ ශාලාවක තැන්පත් කිරීමෙන් පසු අවසන් කටයුතු සිදු කළ අතර ඔවුන්ට පින් අනුමෝදන් කරමින් ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් විසින් මෙම පින්කම සංවිධානය කර තිබුණහ.
මෙහිදී විපතට පත් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම ,එම ප්‍රහාරයෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී කායික මානසික සුවය ප්‍රාර්ථනා කිරීම, සිදුකළ අතර එම පවුල්වල ඥාති මිත්‍රාදීන් විසින් මියගිය සිවිල් වැසියන් සිහි කරමින් පුෂ්පෝපහාර දැක්වීම සිදුකළහ.
මියගිය ඥාති මිත්‍රාදීන් සිහිපත් කරමින් සහ විද්‍යාලයට වසර හැට අටක් පිරීම නිමිත්තෙන් සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් සිදුකිරිමෙන් පසු අද (12) ගරුතර මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජා කිරීම සිදුකරන ලදී.