බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 100ක් පරණ රුවල් නැවකින් ගාලු පැමිණි ඔස්ට්‍රේලියානු කෝටිපතියා…

by editor
මාර්තු 10, 2023
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අනාදිමත් කාලයක  සිට  ගාල්ල ධිවර වරාය නාවිකයින්ගේ ක්ෂේම භුමියකි. ඈත අතිතයේ සිටම  රුවල් නෞකාවලින් නාවිකයෝ ගාලු වරායට පැමිණියහ. අදටත්  රුවල් නෞකාවලින් ලොව වටා සංචාරය කරනු ලබන නාවික පිරිස් ගාලු වරායට පැමිණිමට අමතක නොකරති.

ලොව වටා සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු දහ දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා  රුවල් නෞකාවකින් ගාල්ල වරාය වෙත පැමිණියහ. මෙකි රුවල් නෞකාව  ගාල්ල වරායට පැමිණෙන අනිකුත්  රුවල් නෞකාවලට වඩා  සුවිශේෂි වු යාත්‍රාවකි. මෙම රුවල් නෞකාව වසර 100කට පමණ අතිතයකට උරුමකම් කියන නෞකාවකි.  ඕස්ට්‍රේලියානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයා  ලොව වටා සංචාරය කිරිම සදහා යුකොන් (yukon)  නැමති මෙම  රුවල් නෞකාව තොරාගෙන තිබුණි.

මෙම යාත්‍රාවේ වර්තමාන හිමිකරු වන්නේ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන ඩෙවිඩ් නෑෂ්ය. නාවිකයෙකු වන හේ මෙම යාත්‍රාවේ කපිතාන්වරයා වශයෙන් ද කටයුතු කරයි.

යුකොන් රුවල් නෞකාව හා බැදි ඇත්තේ හරි අපුරු රසවත්  කථාන්දරයන්ය. ඩෙවිඩ් නෑෂ්  මෙකි යාත්‍රාව ලබාගෙන ඇත්තේ බියර් පෙට්ටියකට දැමු ඔට්ටුවකට බව කිවහොත් ඔබ පුදුමවනු ඇත.

නෑෂ්  රුවල් නෞකාවලට දැඩිලෙස ඇලුම් කළේය.  ඔහු  මාස කිහිපයක් පමණ  ඩෙන්මාර්කයේ වේදිකා නාට්‍යකරුවෙකු ලෙස කටයුතු කරමින් සිටියේය. මේ කාලයේදි  හේ දකුණු ඩෙන්මාර්කයේ  වෙරළ තීරයන්වල  සැරිසරමින්  ලී වලින් සාදනු ලැබු විවිධ වර්ගයේ රුවල් නෞකා නරඹමින් සිටියේය. ඩෙවිඩ් ඩෙන්මාර්කයේ Rudkoebing හි රුවල් නෞකාවක්  නරඹමින් සිටියදී, ඔහුගේ ඔස්ට්‍රේලියානු මිතුරෙකු  වු  Ross Grange විසින්  ඩෙවිඩ්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ඩෙවිඩ් කොපන්හේගන් පුවත්පත බලන්න එහි ඩොලර් 10000කට රුවල් නෞකාවක් විකිණීමට තියෙනවා කියා දැන්විමක් දමලා තියෙනවා” රෝස් කිවේය. ඩෙවිඩ්ගේ ඉහේ මල් පිපුනා වැනිය. ඔහු රුවල් නෞකාවේ හිමිකරුට කථා කළේය. රුවල් නෞකාව විකිණීමට එහි හිමිකරුද කැමැත්ත පළකරණු ලැබිය. දින දෙකකට පමණ පසු රුවල් නෞකාවේ හිමිකරු  යලිත් වතාවක් ඩෙවිඩ්ට කථා කළේය.

ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයට දකුණින් ඇති  ඩ්‍රැගර් වරායේ නෞකාව ගිලි ගිහින් තියෙනවා. එය ගොඩට අරන් දෙන්නම්. රුවල් නෞකාවේ හිමිකරු කිවේය.ඩෙවිඩ් මෙකි රුවල් නෞකාව බැලිම සදහා ඩ්‍රැගර් වරාය වෙත ගියේය.   රුවල් නෞකාව ගොඩට ගැනීම සඳහා යාත්‍රාවේ හිමිකරු ඇතුළු කණ්ඩායම කොතෙක් උත්සාහ කළද එය  සාර්ථක නොවිය.

“හරි මම රුවල් නෞකාව ගොඩට ගන්නම්”  කියු ඩෙවිඩ් යාත්‍රාවේ හිමිකරු සමග බියර් පෙට්ටියක්  ඕට්ටු  ඇල්ලුවේය. ඩෙවිඩ් තම මිතුරාවන රෝස් සමග එක්වි මුහුද යට ගිලි තිබු රුවල් නෞකාව ගොඩට ගැනිම සඳහා සැලසුම් කළේය. රෝස් කාර්මික දැනුම ඇති දක්ෂ කිමිදුම්කරුවෙකි. මේ සදහා විශාල ප්‍රමාණයේ පාවෙන දොඹකරයක්  මෙන්ම කිමිදුම්කරුවන් විශාල පිරිසක් යොදා ගනු ලැබිය.

රොස් පැය ගණනාවක් මුහුදයට කිමිදීමෙන් පසු යාත්‍රාවේ  සැක සහිත කාන්දුවීම් සකස් කිරිමට කටයුතු කළේය. තුන්වන සති අන්තය වන විට,  රුවල් නෞකාව ගොඩගැනිමේ මෙහෙයුම සාර්ථකත්වයට පත්ව තිබුණි. මෙකි මෙහෙයුම සදහා ප්‍රාදේශිය ගිනි නිවන හමුදාව ඇතුළු ස්වෙච්ඡා සේවකයින් පිරිසක්ද ඩෙවිඩ්ලාගේ සහායට පැමිණි සිටියහ.  අවසාන  උත්සාහය  ලෙස,  ජීවිතාරක්ෂක පාරු දෙකම රුවල් නෞකාවේ  රඳවනය තුළට දමා ඒවා පුම්බා ගැනිමට කටයුතු කරණු ලැබිය.ඒ සමග රුවල් නෞකාව පාවෙන්නට විය. මින් සියල්ලෝම ප්‍රිති ප්‍රමෝදයට පත්ව සිටියහ.

සති තුනක මෙහෙයුමකින් පසු රුවල් නෞකාව ගොඩට ගැනිමට ඩෙවිඩ්  ඇතුළු පිරිවර කටයුතු කළහ. ඒ 1997 ජුනි 19 වැනිදාය.

“ඇත්තටම එදා හරිම සුන්දර දවසක්. අපි ගොඩක් මහන්සි වෙලා යුකොන්  රුවල් නෞකාව ගොඩට ගත්තා. මේ නෞකාව  නැවත වතුරට ගෙන ඒමට බොහෝ වැඩකළ යුතුව තිබුනා. අනෙක් අතට, බියර් පෙට්ටියකට පමණක්  මෙවැනි යාත්‍රාවක් ලබා ගැනීමට මට තවත් අවස්ථාවක් ලැබෙන්නේ කවදාද? .”

“දින තුන හතරකට පසු අපි මෙම රුවල් නෞකාව නැවත නැව්ගත කළා.  යාත්‍රාව තබා ගැනීමට අපට අවසර දී ඇති එකම ස්ථානය කෝපන්හේගන් හි හදවත වන නයිහාන් හි බව දැනගත් විට අපි පුදුමයට පත් වුනා. ඒ සඳහා වසරකට ඩොලර් 200ක් ගෙවිය යුතුයි. ඩෙන්මාර්කයේ ලී නැව් ලෝලීන්ගේ  සංවිධාන මගින් මේ සඳහා උදව් කළා.

97 වර්ෂයේ සිට 2004 දක්වා කාලය තුළ මෙම නෞකාව නවින තාක්ෂණික මෙවලම් යොදලා නැවත ප්‍රතිනිර්මාණය කළා. මේ සඳහා   ඕස්ට්‍රේලියාවේ මා සතුව තිබු නිවසක්ද විකුණා දමා එම මුදල් ද නෞකාවේ අලුත්වැඩියා කටයුතු සඳහා යෙදවුවා.

යාත්‍රික කණ්ඩායම

වරක් මම නෞකාවේ  තට්ටුවේ වැඩ කරමින් සිටියදී කුඩා පිරිමි ළමයෙක් පැමිණ මගෙන් ඇසුවා  මෙවැනි යාත්‍රාවක් මිලදි ගැනිමට  කොපමණ මුදලක් වැය වේද කියා. මා ආඩම්බරයෙන් පිළිතුරු දුන්නා මේ සඳහා මට වැයවුනේ බියර් පෙට්ටියක් පමණක් කියා. ඔහු වරායේ ඇති සියලුම ලස්සන නැව් දෙස බලා, යූකෝන් දෙස ආපසු හැරී, “මම හිතන්නේ ඔබ ඕනෑවට වඩා ගෙව්වා!” යැයි මා සමග කිවා.

2010 වර්ෂයේ දි මෙම රුවල් නෞකාවෙන් ලෝකය වටා සංචාරය කළා. ඒ සදහා මගේ බිරිද හා පුතුන් දෙදෙනා එක්වුනා. මෙම රුවල් නෞකාව වසරකට මාස 06ක් කුලියට දෙනවා.  දිනකට ඩොලර් 2000ක් අයකරණවා. එක තමයි අපේ ආදායම් මාර්ගය. මේ වනවිට මෙම  යාත්‍රාව නාවික සැතපුම් 50000ක් පමණ  යාත්‍රා කරලා තියෙනවා. අපේ මුඵ සේසතම විකුණලා තමයි බෝට්ටුව අලුත් වැඩියා කළේ. දැන් අපේ ජිවිතය තමයි මේ රුවල් නෞකාව .”

“ඇත්තටම ගාලු වරාය  සුන්දර වරායක්. මෙහි සෞන්දර්යාත්මක අංග ගොඩක් තියෙනවා. මෙහි ගල්පර්වත බහුල ස්වාභාවික පිහිටිම  හරිම සිත්ගන්නා සුළුයි.” ඩෙවිඩ් නෑෂ් කිවේය.

මෙම රුවල් නෞකාව සදහා මුලදි  Elly ලෙස නම් පටබැදි තිබුණි. මෙය  1930 වසරේදි ඩෙන්මාර්ක්  රටේ දි නිපදවා තිබු අතර . මෙය මුල්කාලයේ දි ධීවර යාත්‍රාවක් වශයෙන් නිර්මාණය   කොට තිබුණි. ඩෙන්මාර්කයේ ජුට්ලන්ඩ් ඔබ්බෙන් වු  උතුරු මුහුදේ ධීවර කටයුතු සඳහා මෙකි යාත්‍රාව යොදාගනු ලැබිය.

එකළ මේ සදහා අශ්ව බල 67 ක කුඩා එන්ජිමක් භාවිතා කොට තිබුණි. මෙකී යාත්‍රාව එන්ජිමක් සහිතව නිපදවන ලද ඩෙන්මාර්ක ධීවර යාත්‍රාවල පළමු පරම්පරාවේ  රුවල් නෞකාවකි.

මසුන් ඇල්ලීමේ තාක්ෂණයේ වෙනසක් ඇතිවිමත් සමග, ඒවායේ කාර්යක්ෂමතාව අනුව  ධිවර කාර්මිකයින් මෙම යාත්‍රාව  හජ්කුටර් හෝ මෝරු කටර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීය. මෙම රුවල් නෞකාව  දෙවැනි ලෝක යුද්ධ සමයේ දි  ජර්මානු හමුදාව විසින් අත්පත්කරගෙන තිබු අතර  සොල්දාදුවන් ,වෙඩි බෙහෙත් ඇතුළු ආයුධ ප්‍රවාහනය කිරීම සදහා මෙම යාත්‍රාව යොදාගෙන තිබුණි.

1951 වර්ෂයේ දි  ධිවර කාර්මිකයෙකු විසින්  මෙකි යාත්‍රාව මිලදිගෙන  තිබුනි. ඇලස්කාවේ  යුකොන් ගං ඉවුරේ රන් නිධිවලින්  ලබාගත් මුදල් යොදවා ධිවර කාර්මිකයා විසින් යාත්‍රාව මිලදි ගෙන තිබුණි.

ඉන්පසු මෙම යාත්‍රාව සදහා  යුකොන් ගංගාවේ නම යොදාගෙන තිබුණි.ඉන්පසු මෙකි යාත්‍රාව සදහා හොස්පවර් 167ක එන්ජිමක් භාවිතා කරණු ලැබිය. ඉන්පසු 1974 දක්වා වාණිජ්‍යමය වශයෙන්  මසුන් ඇල්ලිමේ කටයුතු සදහා මෙම යාත්‍රාව භාවිතා කරණු ලැබිය.

මෙකි යාත්‍රාවේ තට්ටුවේ දිග මිටර් 65කි. පළල මිටර්  14,කි. ඩෙවිඩ්  වැනි රුවල් නැව් කරුවෙකුට . ලොව වටා යාත්‍රා කිරීමට මෙය කදිම නෞකාවකි.   මෙම නෞකාව ඩෙවඩ් නෑෂ්  අතට පත්වනවිට  යාත්‍රාව සදහා  විවිධ හිමිකරුවන් සිටියහ.  ඒ වනවිට  ධීවර යාත්‍රාවක් බවට පත්ව තිබු මෙම යාත්‍රාව  විනෝද යාත්‍රාවක් බවට පරිවර්තනය වී තිබුණි.  මෙකි යාත්‍රාවේ  භාරකරුවන්ට  මෙකි රුවල් නෞකාව සහ ඇත්තේ දැඩිබැදිමකි.  ඔස්ට්‍රේලියානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයා ලොව වටා සංචාරය කිරීම සඳහා මෙකි යාත්‍රාව  යොදාගෙන ඇත්තේ මෙහි  යාත්‍රාවේ  ඇති පෞරාණික වටිනාකම නිසාය.

කෝටිපති ව්‍යාපාරිකයා සමග  ඩෙවිඩ් නෑෂ්ගේ පුතුන්  දෙදෙනාද  මෙකී සංචාරයට එක්ව සිටියහ.  යුකොන් රුවල් නෞකාවෙන් ගාලු වරායට පැමිණි  මෙම පිරිස දින ගණනාවක් මෙරට   රැඳී සිටියහ. මෙම පිරිස ගාල්ල නගරයේ වැදගත් ස්ථාන ගවේෂණය කරමින්  උඩවලව  ආදි ප්‍රදේශවල සංචාරය කිරිමට ද කටයුතු කරණු ලැබිය.

යුකොන්  රුවල් නෞකාව සඳහා  මෙරට දි  අවශ්‍ය සේවා පහසුකම් සැපයිමට   ඩෙවිඩ් නෑෂ් තොරාගෙන තිබුණේ  ටැංගෝ නාවික සමාගමයි. Tango Shipping Agency PVT  LTd ) එම සමාගමේ හිමිකරුවන්නේ  චතුර කුඩච්චිය.

ගාලු වරයා රුවල් නෞකා යාත්‍රා  අංගනයක් ලෙස සංවර්ධනය කරණ බවට    දේශපාලනඥයින් විසින් දහසකුත් වු පොරොන්දු ලබා දි ඇතත් එවා පොරොන්දුවලට පමණක් සිමා වි ඇත.ගාලු වරාය  සඳහා වැඩි වශයෙන්  රුවල් යාත්‍රිකයින් ගෙන්වා ගැනීමට  අවශ්‍ය කටයුතු කිරිම බලධාරින්ගේ වගකිමකි.

මෙය අපේ  රටේ සංචාරක කර්මාන්තයට ද දැඩි පිටුවහලක් වනු  ඇත. මහ සයුර පිළිබඳ හසල දැනුමක්  ඇති දේශීය ව්‍යවසායකයින්ගේ තාක්ෂණික දැනුම මේ ඳදහා යොදාගැනිම බලධාරින්ගේ වගකිමකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර දීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය එකඟ වෙයි

Next Post

අපේක්ෂා රෝහල සඳහා අවුරුදු 13ක් පරණ MRI යන්ත්‍රයක් මිලියන 340කට මිලදී ගැනීමට සෞඛ්‍ය ලොක්කෝ සැරසෙති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.