ශ්‍රියානි විජේසිංහ –
නව MRI යන්ත්‍රයක් මිලදී ගැනීමේ හැකියාව තිබියදී වසර2010දී නිෂ්පාදනය කරන ලද MRI යන්ත්‍රයක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලට මිලදී ගැනීම සදහා වසර 2018දී ටෙන්ඩරය දමා ඇති ඇත්තේ වසර 2010දි නිෂ්පාදනය කළ යන්ත්‍රයක් වෙනුවෙන් බවත් මෙය රුපියල් මිලියන 340ක් මිල වන බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
කෙසේ නමුත් සංගමය පෙන්වාදෙන්නේ මෙම මිලට දියුණු තාක්ෂණයෙන් යුතු නව යන්ත්‍රයක් මිලදී ගැනීමේ හැකියාව තිබියදී පරණ යන්ත්‍රයක් මිලදී ගැනීම මුදල් නාස්තියක් බවය.
කෙසේ නමුත් වසර 2010දී නිෂ්පාදනය කළ යන්ත්‍රය මිලදී ගතහොත් තවත් වසර කීපයකින් මෙහි ක්‍රියාකාරිත්වය අඩපණ වන අතර මෙය නැවත පණගැන්වීම සඳහා අමතර කොටස් සොයා ගැනීමේ හැකියාවක් නොමැති වන බැවින් යන්ත්‍රය ක්‍රියාකරවීමට නොහැකි වනු ඇතැයි සංගමය පෙන්වාදේ.
කෙසේ නමුත් මෙම පැරණි යන්ත්‍රය මිලදී ගැනීම සදහා යන්ත්‍රයේ මිල රුපියල් මිලියන 340ක් වන අතර මෙහි සේවා ගිවිසුම් ගාස්තු, ස්ථාපිත ගාස්තු , නඩත්තු ගාස්තු ඇතුළත්ව රුපියල් මිලියන 360ට අධික මුදලක් වැය වනු අති බව සංගමය පෙන්වාදේ.
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ MRI පරික්ෂණයන් කොළඹ ජාතික රෝහලෙන් සිදුකරන බවත් විශේෂඥ වෛද්‍යවරුන් දිනකට යොමු කරනුනයේ රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු පමණක් නමුත් මීට වඩා MRI පරික්ෂණයන් සිදුකළ හැකි බවත් සංගමය පෙන්වාදෙයි.