සුමිත් පොතුපිටිය –
අවුරුදු තුනක් පමණ වයසැති දැරියකගේ මළසිරුරක් අද (27) රාත්‍රි කළුතර උතුර වෙරළ තීරයේ ගල්වැටියක් අසලට ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
එම මළසිරුරෙහි අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවද පොලිසිය කියයි.
අද පස්වරුවේ කළුතර උතුර ප්‍රදේශයේ ධීවර කටයුතු වල යෙදී සිටී ධීවරයකු සිරුර දියමත පාවෙන සිරුර දැක ඇතත්, ටෙඩි බෙයා හෝ විශාල බෝනික්කෙකු යැයි සිතා ගොඩගෙන නොමැති බවද ප්‍රදේශවාසින් පැවසීය.
කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේ ගල්වැටිය ආසන්නයට සිරුර ගොඩගසා තිබූ අතර උඩුකයට රෝස පැහැති ඇදුමක් සහ යටකය නිරුවස්ත්‍රව තිබූ බවද සදහන් වේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව පොලිසිය කීය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලකගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. ඉන්ද්‍රජිත්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.







