පැරණි චිමිනි ලාම්පු සහ අඟුරු ඉස්තිරික්ක යලිත් වෙලදපොලට පැමිණ ඇත.
අවුරුදු පනහක අතීතය තුළ මේ තරම් විශාල ඉල්ලුමක් චිමිනි ලාම්පු සහ අඟුරු ඉස්තිරික්කවලට ලැබී නැති බවත් හැටන් ප්‍රදේශයේ පැරණිම ව්‍යාපාර හිමි ජ්‍යේෂ්ඨ පුරවැසියෝ කියති.
මේ වනවට චිමිනි ලාම්පුවක් රු 1500 කට අලෙවි කරන බවත්, චිමිනි ලාම්පුවේ බෝතල් කොටසේ යම් හිගයක් පවතින බවත් ඔවුහු කියති. අඟුරු දමා රත්කර රෙදි මදින ස්ත්‍රික්කයක් රු 2000 මිලකටත් අලෙවි වෙමින් තිබේ.







