සුමිත් පොතුපිටිය –
අළුත් අවුරුද්දට නෑගම් ගිය පිරිසක් ගමන් ගත් ත්රීරෝද රථයක් ගිනිගෙන දැවී අළුවී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ ගිනිගෙන දැවී ඇත්තේ අගලවත්ත ප්රදේශයට අළුත් අවුරුදු නෑගම් ගිය රාගම පොඩිවී කුඹුරු ප්රදේශයේ පදිංචි පිරිසක් ගමන්ගත් ත්රීරෝද රථයක් බව සඳහන් වේ.
සිව්දෙනෙකු ත්රීරෝද රථයේ ගමන් කරමින් සිටියදී කළුතර කටුකුරුන්ද හන්දියේ දී හදිසියේ ත්රීරෝද රථය ගිනිගෙන ඇති අතර, , කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ ගිනි නිවන රථයක් සමගින් ගිනි භටයින් සිව්දෙනෙකු සහභාගි වී ඇතත් ඒ වනවිටත් රථය මුළුමනින්ම දැවී තිබූ බව පොලිසිය පවසයි .
රථයේ කාර්මික දෝෂයක් ගින්නට හේතු වන්නට ඇති බවට සැකකරන බවත් කිසිවෙකුටත් හානි සිදුව නැති බවත් පොලිසිය පවසයි .
කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති .







