කීර්ති ප්‍රනාන්දු –
අලුත් අවුරුද්ද ලැබූ මොහොතේ සිට අද (14) දවල් 12 දක්වා අනතුරුවල විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
අලුත් අවුරුද්දට පෙර දිනය වූ ඊයේ (13) සිදුවූ අනතුරුවලින් පමණක් තුවාල ලැබූ 165 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. අද දහවල් 12 වන විට ඒ සංඛ්‍යාව 175ක් වී තිබිණි
මෙවර අනතුරු ප්‍රමාණය පසුගිය වසරට වඩා සියයට 48කින් වැඩි වී ඇතැයි ජාතික රෝහල සඳහන් කරයි.
වැටීම් හේතුවෙන් 49 දෙනෙක්, මාර්ග අනතුරුවලින් 48 දෙනෙක්, නිවසේදී සිදුවු අනතුරු හේතුවෙන් 28දෙනෙක්, පහරදීම් හේතුවෙන් 19 දෙනෙක්, ගිනිකෙළි අනතුරුවලින් තුවාල ලැබූ 09 දෙනෙක් මෙලෙස රෝහල්ගත වී ඇත.