අවුරුද්දට ගම් බිම් බලා යන්නේ නම් 9 වෙනිදා සහ 10 වෙනිදා යාමට සූදානම් වන ලෙසත් 11 දින සහ 12 වන දිනයන් හී බස්ධාවනයට නොකරන බවත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
පෞද්ගලික බස් රථ ධාවනය සඳහා ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙසේ බස් ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ඔහු පෙන්වාදේ.
ඉන්ධන නැව් ආවද ඒවා ගොඩබෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද ගොඩබෑ ඉන්ධන නිසි ලෙස බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද පෙන්වා දෙන සංගමයේ සභාපති ගැමුණු විජේරත්න තව දුරටත් සඳහන් කරනුයේ මේ වන විට රටේ ආණ්ඩුවක් නොමැතිව අරාජික වෙමින් පවතින බවකි.
ලංගමයෙන් පෞද්ගලික බස්රථවලට ඉන්ධන ලබාදෙන බවට පොරොන්දු වුවද එම ඉන්ධන වැඩි මිලට වෙනත් පෞද්ගලික ආයතනයන්හී වාහන සඳහා ලබා දීමට කටයුතු කරන බවද ඔහු චෝදනා කරයි.
මේ වන විටත් පෞද්ගලික බස් රථ ධානවනය වන්නේ සියයට 50ක ප්රමාණයක් බවද පෙන්වාද දෙන ගැමුණු විජේරත්න ඉදිරියේදී ඩීසල් නොලැබුණහොත් මෙම ප්රමාණය තවත් අඩුවනු ඇතැයිද කීවේය.