ලලිත් චාමින්ද –
ස්වාධින රුපවාහිණි මාධ්‍ය ජාලය ඉකුත් වර්ෂයේ දි (2021) පමණක් රුපියල් තිස්එක් කෝටි පනස් නව ලක්ෂ හැත්තෑ හතර දහස් හාරසිය එකක (315,974,401) අලාභයක් ලබා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
2016 වර්ෂයේ දී ස්වාධීන රුපවාහිණි මාධ්‍ය ජාලය රුපියල් දසකෝටි හැත්තෑ එක්ලක්ෂ අසු නව දහස් දෙසිය හැට හයක (107,189,266) අලාභයක් ලබා තිබු අතර වර්ෂ 05ක් තුළ මෙම අලාභය රුපියල් විසි කෝටියකින් පමණ වැඩි වී තිබේ.
ස්වාධින රුපවාහිණිය ඉකුත් වර්ෂයේ දී රුපියල් විසිතුන් කෝටි අසුඑක් ලක්ෂ තිස්එක් දහස් තුන්සිය හතලිස් හයක පාඩුවක් ද (238,131,346) අයි.ටි.එන් එෆ්.එම් ගුවන්විදුලිය රුපියල් හාරකෝටි දහතුන් ලක්ෂ විසිපන් දහස් පන්සිය විසිඑකක (41,325,521) පාඩුවක් ද ලබා ඇත.
වසන්තම් එෆ්.එම් හි අලාභය රුපියල් එක්කෝටි හතලිස්පන් ලක්ෂ පන්දහස් අටසිය පනස්දෙකකි. (10,455,852) වසන්තම් රුපවාහිණිය හාරකෝටි හැටතුන් ලක්ෂ තිස්හත්දහස් පන්සිය පහක (46,337,505) ක ප්‍රදානයක් රජය මගින් ලබාදි ඇත. එම ප්‍රදානය ලැබිමෙන් පසුවද වසන්තම් නාලිකාව රුපියල් දෙකෝටි හැට ලක්ෂ හැටඑක් දහසස් හයසිය අසුදෙකක (26,061 ,682) ක පාඩුවක් ලබා තිබුණි.