අවදානම් ගොඩනැගිලි සහිත මහනුවර ගෝතමී බාලිකා විදුහලේ දරුවන් කුලී පදනම මත ලබා ගත් ගොඩනැගිල්ලකට රැගෙන ගොස් එකොළොස් වැනිදා සිට අධ්‍යාපනය ලබා දීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ පැවසීය.
ඉදිරි මාස තුන ඇතුළත ගෝතමී විදුහල් ගොඩනැගිල්ල යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂිත බවත් අවදානම් සහිත පාසල් ගොඩනැගිලි තමන්ගේ අධික්ෂණය යටතේ යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවත් කීය.
ඒ සමග හඳුනා ගත් අවදානම් සහිත සෙසු ගොඩනැගිලි මහනුවර මහනගර සභාවේ මූලිකත්වයෙන් පත්කොට ඇති කමිටුවේ උපදෙස් මත යථා තත්ත්වයට පත් කරනු ඇතැයි ද හෙතම කියා සිටියේය.
අනිද්දා( 11 ) පාසල් විවෘත කෙරෙන බැවින් අවදානම් සහිත ගොඩනැගිලි ඇති ගෝතමි විදුහලට දරුවන් ගෙන්වන්නේ කෙසේද යන්න මාධ්‍ය නැගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආණ්ඩුකාරවරයා මෙසේ කීය.