බුරේවි සුළි කුණාටුව හේතුවෙන් ලංකාව පුරා ආපදා තත්ත්වයක් ඇති වුව හොත් ඊට අදාලව හදිසි අත්‍යාවශ්‍ය සේවා සියල්ල සුදානමින් තබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ( විශ්‍රාමික) සුදන්ත රණසිංහ පවසයි.
ත්‍රිකුණාමලයට උතුරින් ලංකාව තුළට ඇතුළු වී මන්නාරමට උතුරින් පිටව යනු ඇතැයි තොරතුරු වාර්තා වන මෙම සුලි කුණාටුව පැතිර යන ප්‍රදේශ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති අතර යාපනය වව්නියාව මුලතිව් කිලිනොච්චි සහ නැගෙනහිර ආඥාපතිවරුන් හරහා ගලවා ගැනිමේ සහ සොයා බැලීමේ හමුදා කණ්ඩායම් සූදානම් කර ඇති බවද හෙතෙම කීය.
මධ්‍යම දකුණ සහ ඌව පළාත් වලටද මෙහි යම් බලපෑමක් ඇති වන බැවින් එම පළාත් සදහාද ආරක්ෂක විධිවිධාන සූදානම් කොට තිබේ. මේ සදහා අතිරේක ගලවා ගැනිමේ හමුදා කණ්ඩායම් ද සූදානම් කර ඇති අතර , සෑම දිස්ත්‍රික්කයකම ආපදා කළමණාකරණ ක්‍රියාන්විත මධ්‍යස්ථාන සීරුවෙන් තබා ඇති බවද හෙතෙම කීය.
මේවන විට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි සහන සේවා මධ්‍යස්ථාන සූදානම් කර ඇති බවද , අවධානම් ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරිමේ කටයුතු ද සිදු කොට ඇතිබවද මේජර් ජෙනරාල් රණසිංහ මහතා කීය. පීඩාවට පත් වන පිරිස් වෙතොත් ඔවුන්ගේ අවශ්‍යතා සදහා වන සහන බඩුමළු මූල්‍යාධාර ආදියද මේ වන විට දිස්ත්‍රික් ලේකම්වරු වෙත ලබා දි ඇතැයිද හෙතෙම කීය.