ලබන 20 වැනිදා පැවැත්වෙන නව පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී ආසන පැනවීම කාණ්ඩ පහක් යටතේ සිදුකොට ඇත.
ඒ අනුව දරන නිලතල අනුව පළමු පෙළ අසුන් වෙන් කර ඇති අතර දෙවන පෙළ අසුන් වෙන්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය අනුවය. පක්ෂ නායකත්වය අනුව තෙවන පෙළ අසුන් වෙන්කොට තිබේ. සිව් වැනි පෙළ රාජ්‍ය ආමාත්‍යවරුන්ටත් පස්වෙනි පෙළ වෙන් කර තිබෙන අතර පස්වෙනි පෙළ වෙන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මන්ත්‍රිවරුන් වෙතය.
මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුන් 80කට ආසන්න ප්‍රමාණයක් තේරී පත්ව සිටින අතර ඔවුන්ට ඔවුන්ගේ නමේ ආකාරාදී පිළිවෙළට ආසන වෙන් කොට ඇති බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
කථානායකවරයාගේ අසුනට දකුණු පස පිහිටි ආසන ආණ්ඩු පක්ෂයටත් වම් පස පිහිටි ආසන විපක්ෂයටත් හිමි වේ. ඒ අනුව එක් පසකට ආසන 116 බැගින් ආසන 132ක් වෙන් කර ඇත. ආණ්ඩු පක්ෂයට වෙන් කර ඇති ආසන අතර පිහිටි 8 වැනි ආසනය ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කොට තිබේ