අලි හෙණ්ඩුවත් ගැසට් වේ… අලි ඇතුන් සඳහා විශේෂ ගැසට් පත්‍රයක්…
ඇත් ගොව්වන් විසින් භාවිතා කරන සාම්ප්‍රදායික මෙවලම් සඳහා ප්‍රමිති සහ පිරිවිතරයන් ඇතුළු ආරක්‍ෂක පියවරයන් අනුගමනය කිරීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වනසත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ (ඒ 469 වන පරිච්ඡේදය) 22 ඒ යටතේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අලි වැට හා අගල් ඉදිකිරීම අතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වනසම්පත් සංවර්ධන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
හීලෑ අලි ඇතුන්ගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම, හීලෑ අලි ලියාපදිංචිය, ඓතිහාසික සංස්කෘතික පෙරහැර සඳහා හීලෑ අලි ලබා ගැනීම, ඇත් ගොව්වන් විසින් භාවිතා කරන සාම්ප්‍රදායික මෙවලම් වල පිරිවිතරයන්, හීලෑ අලියෙකු ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම් පත්‍රය,
දැනට අයිතිකරු භාරයේ පවතින ලියාපදිංචි නොකළ අලියෙකු ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම්පත, හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම හා රඳවා ගැනීමේ බලපත්‍ර පත්‍රය, අළුත් කිරීමේ ආකෘති පත්‍රය, වාර්ෂික බලපත්‍රය, දත්ත සටහන් පොත සහ ඓතිහාසික සංස්කෘතික පෙරහැරක් සඳහා අලි ලබා ගැනීම සඳහා වන අයදුම්පත පිළිබඳ නිශ්චිතයන් මෙම ගැසට් නිවේදනයට ඇතුළත් කර ඇත.