අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරුන්දක ඇමති නියමයෙන් හොර පාස්පෝට් චීනා නිදහස් කළ ආගමන විගමන නිලධාරීන් ගස්!

අරුන්දික ඇමති වැරදි උපදෙස් දුන්නත් ඒ උපදෙස් ක්‍රියාත්මක කළේ ඇයි?. මහජන ආරක්ෂක ඇමති ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අසයි!

by editor
මැයි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් චීන ජාතිකයෙකු මෙරටට ඇතුළු වීම සම්බන්ධව වගකිවය යුත්තේ වැරදි උපදෙස් ලබා දුන් රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු නොව එම වැරදි උපදෙස් මත රටේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකළ ආගමන විගමන නිලධාාරීන් බැවින් සිද්ධියට වගකිවයුතු සියලුම නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් අද (22)  පැවසීය.

අද පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ අදාළ චීන ජාතිකයා අද(22) අමාත්‍යාංශයට කැඳවා චීන තානාපති කාර්යාලයේ උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කළ චීන ජාතික මගියෙකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනා වන , තවත් චීන ජාතිකයෙකු සහ ඊජිප්තු ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රටට  ඇතුළු වීමට උත්සාහ කර තිබිණි.

ආගමන විගමන නිලධාරීන් එම ගුවන් ගමන් බලපත්‍රය  ව්‍යජ එකක් බව හඳුනාගෙන ඔවුන් රටට ඇතුළුවීම වළක්වනු ලැබුවේය. සිදුවීම වාර්තා වන්නේ පසුගිය 18 වැනිදා බ්‍රහස්පතින්දාය. මෙම චීන ජාතිකයා ඉදිරිපත් කර තිබුණේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ගිනියා රාජ්‍යයේ ගුවන් බලප්‍රයක් බව ගුවන්තොටුපල නිලධාරීහු අනාවරණය කරගත්හ.

මේ අවස්ථාවේ දී මෙම පුද්ගලයින් තිදෙනා කළහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එහිදි ආගමන විගමන නිලධාරීන් , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව මොවුන් තිදෙනා පාලනය කර , රටින් පිටුවහල් කිරීම සඳහා එම ගුවන් සේවා ” රැදවුම් කුටිය ” වෙත ,   යොමු කර තිබුණි .

එම අවස්ථාවේදීත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබුණේය. ඒ අතර මෙම පුද්ගලයින් ගුවන්තොටුපල නිලධාරීන්ට    අල්ලස් දීමට ද තැත් කර තිබූ බව  ආගමන විගමන නිලධාරීහු ප්‍රකාශ කළහ .

නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා , මොවුන් ආයෝජකයන් පිරිසක් බවත්, රටට පැමිණියේ තමන්ගේ නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට බවත් දන්වා ඔවුන් නිදහස් කරන ලෙස  ,   ආගමන විගමන පාළකවරයා වෙත ලිඛිතව ඉල්ලා තිබුණේය.

අරුන්දික ඇමතිගේ ලිඛිත ඉල්ලීම

ඒ අනුව ආගමන විගමන පාළක ජනරාල්වරයාගේ උපදෙස් මත  කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතිකයන් දෙදෙනා සහ ඊජිප්තු ජාතිකයා 05/20 දින අලුයම 01.00 ට ශ්‍රී ලංකාව තුළට පැමිණීම සදහා නිදහස් කර  කළේය.

කෙසේ වෙතත්, ආගමන හා විගමන නිලධාරීන් වැරදි උපදෙස් මත ක්‍රියා නොකළ යුතු බැවින් මගියා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අමාත්‍ය අලස් මහතා පැවසීය.

.

Share69Tweet43
Previous Post

රජය තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය බිඳයි… Sinopec සමාගමට ලංකාව තුළ ඉන්ධන ආනයනය ගබඩා කිරිම බෙදා හැරීම සහ විකිණීම ඉඩ දෙන ගිවිසුම අත්සන් කරයි…

Next Post

සුබ සාධන දීමනාව මගහැරුණ වතුකරයේ   අසරණ ජනතාවට යළිත් අවස්ථාවක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.