අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරන්දික ලියුම් ලියා රට ඇතුළට ගත් හොර පාස්පෝට් චීනාව ටිරාන් රටින් පන්නයි!

by editor
මැයි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ නිවාස ව්‍යාපෘතියක ආයෝජකයෙක් බව පවසමින්  අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් ලබා දෙන ලද ලිපියකට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රටට ඇතුළු වීමට අවසරය ලබා දුන් චීන ජාතිකයා වහාම රටින් පිටුවහල් කර ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්  ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇත.

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් මෙරටට පැමිණි බව කියන මෙම චීන ජාතිකයා ඊයේ (22) ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවන ලෙස අමාත්‍යවරයා ආගමන විගමන පාලකවරයාට උපදෙස් ලබාදී ඇති අතර එහිදී ඔහුගෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම ප්‍රකාශ සහ මෙම චීන ජාතිකයා ගේ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමෙන් පසුව අමාත්‍ය අලස්   ඔහු වහාම රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන ලෙස ආගමන විගමන පාලකවරයාට උපදෙස් ලබා දී තිබේ.

පසුගිය 18 වැනදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කළ චීන ජාතික මගියෙකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනා වන , තවත් චීන ජාතිකයෙකු සහ ඊජිප්තු ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රටට ඇතුළු වීමට උත්සාහ කර තිබිණි.
ආගමන විගමන නිලධාරීන් එම ගුවන් ගමන් බලපත්‍රය ව්‍යජ එකක් බව හඳුනාගෙන ඔවුන් රටට ඇතුළුවීම වළක්වනු ලැබුවේය. මේ අවස්ථාවේ දී මෙම පුද්ගලයින් තිදෙනා කළහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන තිබිණි.

එහිදි ආගමන විගමන නිලධාරීන් , ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් එක්ව මොවුන් තිදෙනා පාලනය කර , රටින් පිටුවහල් කිරීම සඳහා එම ගුවන් සේවා ” රැදවුම් කුටිය ” වෙත , යොමු කර තිබුණි .

එම අවස්ථාවේදීත් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කීපයක්ම ලැබී තිබුණේය. ඒ අතර මෙම පුද්ගලයින් ගුවන්තොටුපල නිලධාරීන්ට අල්ලස් දීමට ද තැත් කර තිබූ බව ආගමන විගමන නිලධාරීහු ප්‍රකාශ කළහ .

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා , මොවුන් ආයෝජකයන් පිරිසක් බවත්, රටට පැමිණියේ තමන්ගේ නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට බවත් දන්වා ඔවුන් නිදහස් කරන ලෙස , ආගමන විගමන පාළකවරයා වෙත ලිඛිතව ඉල්ලා තිබුණේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වකුගඩු රෝග දැඩි අවදානමක් ඇති දරුපැටව් ඇතුලු  25000කට බොන්න මාස 5ක් අසූචි මිශ්‍ර කුණු වතුර බෙදලා…

Next Post

සියම් උපසම්පදාවේ  270වැනි සංවත්සරය වෙනුවෙන් ත්‍රිකුණාමලයේ සිට නුවරට දින 09ක් තිස්සේ පැමිණි පාද යාත්‍රාව හා එක්ව සිටි අපූරු අමුත්තා!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.