අරගල භූමිය යුද හමුදාව කැඳවා තිබේ. මේජර් ජනරාල්වරයෙකුගේ මෙහෙයවීමෙන් හමුදා බලඇණියක් මේ වනවිට ගෝඨාගමට පැමිණ සිටිති.
හමුදාව ඇතුළුවීමට පෙර අරගලකරුවෝ බාධක දමා මැරයින්ගේ පැමිණිම වැලැක්වූහ. නීතිඥවරු ඉදිරියෙන්ම අත්වැල් බැඳගෙන සිටියේය.
මේ වනවිට නීතිඥවරු දැඩි විරෝධය දක්වමින් සිටිති. මේ දරුවන්ගේ ලේ හැලීමට පොලිස්පතිවරයා වගකිවයුතු බව නීතිඥවරු කියති.මේ වනවිට හමුදා බලඇණි අරගල භූමිය ප්‍රෙශවේශයේ වළක්වා තිබේ.
“කඩාගත්තු ටික හදාගනිමු… කලබල නොවී ඉමු… අරගලකරුවෝ කෝපවූ සිය සහචරයන් සන්සුන් කරනු පෙනේ.
කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධයම, බලප්‍රදේශවලට ඇදිරිනීතිය පනවා තිබේ.