මීට අවුරුද්දයි මාස එකකට පෙර අරගලකරුවන් ඇතුළු පුද්ගලයින් 200ක් පමණ තමන්ට පහර දී රුපියල් දස දහසක මුදලක් සහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා රත්තරන් බඩු කොල්ල කෑ බව කියමින් ඊයේ (09) උදේ මහරගම පොලිසියට පැමිණි පුද්ගලයෙක් පැමිණිල්ලක් සටහන් කර තිබේ.
පසුගිය වසරේ මැයි මස 09 වැනි දින එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ ගේ රැස්වීමක් සඳහා පැමිණ නැවත යමින් සිටිය දී මහරගම පොලිසිය අසල ඇති සංඥා පුවරුව අසලදී තමන් ගමන් කළ රථයට නැගී තමන් ඇතුළු රථයේ ගමන් කළ පිරිසට පහරදීමෙන් අනතුරුව මෙම කොල්ල කෑම සිදුකළ බව පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සටහන් කර ඇත.
සමන් නිල්මිණි විතාරණ නැමැති පැමිණිලිකරු පවසා ඇත්තේ තමන් සමග කටුවන ප්රාදේශීය සභාවේ සභාපති ඇතුළු 35 දෙනෙක් එම රථයේ ගමන් කළ බවය.
පැමිණිල්ල සටහන් කරන්නේ සිද්ධිය වී අවුරුද්දකුත් මාසයක් පිරෙන දිනයේ වීම විශේෂය.







