ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ අය-වැය පරාජය වීමෙන් පසු එම ප්‍රදේශීය සභාවේ සභාපති ධූරය දරන ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වූ එස්.ජේ.එම්. ජයරත්න විසින් සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී නිකිනි අයෝධ්‍යා වෙත නුසුදුසු ලෙස බැණ වැදීමේ සිද්ධිය දෙශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි විවාදයකට ලක් වෙමින් තිබේ.
තමන්ට එරෙහිව සිදුකළ වාචික හිංසනයට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරිය මේ වනවිට පොලිසියට පැමිණිල්ලක් ගොනු කර ඇත.
සිද්ධියෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ජාතික ජන බලවේගය නියෝජනය කළ ජාතික ජන බලවේගය නියෝජනය කළ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා පැවසුවේ සිද්ධිය සිදුවන අවස්ථාවේ තමන් දැඩි පීඩනයකට ලක්ව සිටි බවය.
“මම ටිකක් රළු ලෙස කතා කළා. ඇය මන්ත්‍රීවරියක් වීමට නුසුදුසු බව මම විශ්වාස කරනවා. මට දැඩි පීඩනයක් එල්ල වෙලා තියෙනවා,” ඔහු පැවසීය.
මේ අතර, SJB මන්ත්‍රීවරිය මාධ්‍යයට පැවසුවේ තමන් දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවය. තම ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයාට භාර දීමට අදහස් කරන බවත් ඇය කීවාය.







