අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයුධ පෙන්වන්නට ගොස් පොලිස් වෙඩි කෑ වේයන්ගොඩ නිශාන්ත කුමාරසිරි කවුද?

by editor
දෙසැම්බර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වේයන්ගොඩ – තුෂාර –

ආයුධ සඟවා තැබූ ස්ථානය පරීක්ෂාකිරීමට රැගෙන යද්දී පැනයාමට උත්සාහ කළ   සැකකරු පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය කීවේ අද උදෑසනය.

පොලිසිය උදෑසන කීවේව විමර්ශනයක් සඳහා රැගෙන යන විට ඇති වූ ගැටුමකින් පසු මේ පුද්ගලයා පොලිස් වෙඩි පහරට ලක් වූ බවය. එහෙත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට මේ කතාව කීවේය.

සිද්ධිය වන්නේ අද අලුයමය. වෙලාව පාන්දර 3.30ට පමණ ඇත. ආයුද සඟවා තැබූ ස්ථානයක් පරික්ෂා කිරීම සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ පුද්ගලයා කැබ් රථයකින් රැගෙන යමින් සිට තිබේ. ඒ අතර සැකකරු කලගෙඩිහේන හල්ගම්පිටිය  ප්‍රදේශයේ පොලිස් අත්අඩංගුවෙන් මිදී  පළා යාමට උත්සාහ කර ඇත. ඒ අවස්ථාවේ පොලිසිය තැබූ වෙඩි පහරින් මේ පුද්ගලයා ජීවිතක්ෂයට පත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • සැකකරු මිය ගිය අයුරු පොලීසිය කියන හැටි

පොලිස් වෙඩි පහරින් මිය යන්නේ වේයන්ගොඩ බාඳුරාගොඩ පාරේ බැවන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය කීවේ ඔහු  අපරාධ සහ මත් ද්‍රව්‍ය ජාවාරම් රැසකට  සම්බන්ධ සැකකරුවෙකු බවය. ඔහුව අත්අඩංගුවට ගෙන පෑලියගොඩ අපරාධ  කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව  හෙළි වූ තොරතුරු මත  සැකකරු ඔහුගේ ආයුධ  සඟවා තිබූ ස්ථානයක් ගැන කියා තිබිණි.  එම අයුධ පරික්ෂා කිරීමට කැබ් රථයකින් රැගෙන  යමින් සිටියදී   සැකකරු පොලිස් රියදුරුගේ ගෙල අත් මාංචුවලින් සිර කර තිබේ.  එම අවස්ථාවේ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන නතරවී ඇත.

එම අවස්ථාවේ සැකකරු  කැබ් රථයෙන් පළා යාමට උත්සාහ කළ ඇති අතර එහිදී  පොලිස් නිලධාරීන් සමඟ ඔහු පොරබැදූ  බවත්  එහිදී පොලීසිය තැබූ වෙඩි පහරින් බරපතළ තුවාල ලැබූ සැකකරු වතුපිටිවල මූලික රෝහල රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වන විටත් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලීසිය කීවේය.

කෙසේ වෙතත් සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත මෙම වෙඩි තැබීමේ සිද්ධිය සිදු වූ ස්ථානයට මීටර් 100ක පමණ දුරින් පිහිටි පාලු වත්තක තිබී ජීව අත් බෝම්බ   02 ක් ,ජෙලට් නයිට් කූරැ 02 ක්, ඩෙට්  කෝඩ් 01 ක් සහ  වේයන්ගොඩ උඩුගම ප්‍රදේශයේ සුසාන භූමියක් අසල සඟවා තිබූ කඩු දෙකක් ද පොලිසිය සොයා ගත්තේය. පොලිස් භාරයේ සිටියදී ආයුධ පෙන්වන්නට ගොස් පොලිසිය සමග පොරබදා පලායන්නට හැදීම නිසා පොලිස් වෙඩි පහරට ලක්වූ සැකකාර ලයිස්තුවේ දැනට අන්තිමයා නිශාන්ත කුමාරසිරි නැමැත්තාය.

අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය වතුපිටිවල මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති මළසිරුර සම්බන්දව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකලාය .

පොලිස් වෙඩි පහරින් පහරින්   මියගිය සැකකරුගේ  මළ සිරුර මේ වන විට වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පස්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ඥාතීන්ට සිරුර භාර දෙනු ඇත.

මහේස්ත්‍රාත්වරිය ස්ථානීය පරීක්ෂණය කරන අයුරු
  • අපරාධකරු කවුද?

පසුගිය දා ප්‍රදේශයම හෙල්ලූ නින්දිතම අපරාධය කළ බව කියන්නේ මේ සැක කරුය. මීට දින කීපයකට පෙර මේ තැනැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව පොලිසියට ඔත්තුවක් දුන් පුද්ගලයෙක් මාලිගාතැන්න ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ දී අත්පා වෙන් වෙනන්ට කපා දැමුවේය. අනතුරුව කපා වෙන් කළ පාදයක් මාලිගාතැන්න පන්සල අසල දමා ගියේය. බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා දැනටනම් යන්තම් ජීවිතය ගලවාගෙන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්ය.

ඔත්තුකරුගේ එක පාදයක් වෙන්වෙන සේ කපා ගෙන ගොස් නැවත එම පහරදුන් ස්ථානයට ගෙනවිත් දැමීමෙන් පසු ප්‍රදේශවාසීන් පසුවූයේ දැඩි භීතියකිනි. එම භීතිය සතුටක් බවට හැරී අද සමහර ප්‍රදේශවාසීහු රතිඤ්ඤා දමා සතුට පල කළහ. එහෙත් වාර්තා නොවන තවත් කතාවක් තිබේ. සැකකරු විසින් අත් පා සිඳ දැමූ පුද්ගලයා සහ සැකකරු කලෙක ගජ මිතුරන් වී සිටි බවය. මේ දෙදෙනා අතර ඇතිවූ සමාගම  මරණීය ව්‍යසනයකින් කෙළවර වී ඇත්තේ අත් පා සිඳ දැමූ තැනැත්තා පොලිසියට ලබා දුන් තොරතුරක් මරණකරුට හෙළි වීම සමගය.

තෙල් මල් රැගෙන පන්සලුත් ගිහින්…

මරාදැමු නිශාන්ත කුමාරසිරි ජීවත් වූ  වේයන්ගොඩ කොලණි පරිසරයක් වූ බෑවුම්වත්ත සමාජ විරෝධී ක්‍රියාවන් උපදින තැනකි. ඔහුගේ පියාත් පළාතේ අපරාධකාරී ජීවිතයක් ගත කළ කෙනෙකි. ඒ දවස්වල බොස්ටල් මහතුන් කී විට වේයන්ගොඩ පොලිසියත් සිටියේ ඇඹරෙමිනි. ඔහු පසු මීට ටික කලෙකට ඉහත දී සිය දිවි නසා ගත්තේය.

නිශාන්ත කුමාරසිරි හැදුනේ ඒ අභාසයේය. ඔහු මුලින්ම බන්ධනාගාරගත වූයේ මෝටර් රථයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. අනතුරුව අවස්ථා ගණනක දී ඔහු හිරේ විලංගුවේ වැටුනේය. ඔහුගේ ප්‍රධාන ධනඉපැයුම් මාර්ගය නීති විරෝධී මත්පැන් අලෙවිය ය. අවසාන වශයෙන් බන්ධනාගාරගත වී ඇප නොලැබ වැඩිපුර කාලයක් ගතකර එළියට එනවිට ඔහු අත යහමින් මුදල් ගැවසුණු බව ප්‍රදේශවාසීහු කීහ. ඒ මුදල් ගමටත් වියදම් කළ බව ඔවුුහු පැවසූහ.

මැරකම චන්ඩිකම සමග අමනුස්සකම එළිදකිනවිට සමාජය මිනිහෙක් පිළිකුල් කරන්නේය. නිශාන්ත කුමාරසිරි නැමැත්තා අවසාන දවස්ටික ගත කළේ ඒ සමාජ භීතිය ඇතිකරවන හැසිරීම් රටාවක් සමගය. එහි කෙළවර ආයුධ පෙන්වන්න පොලිසියත් සමග යාමය. නීතියක් රහිත රටක අමනුස්සයෙක් සේ හැසිරෙනවිට ප්‍රතිඵල ලබෙන්නේ මේ ආකාරයටය. එහෙත් ගැටලුව වන්නේ ආයුද පෙන්වන්න රැගෙන යා යුතු එවුන් පාර්ලිමේන්තුවෙත් සිටිද්දී නිශාන්ත කුමාරසිරිලා පමණක් ආයුද සගවා මාංචු පිටින් පොලිස් නිලධාරීන්ගේ බෙල්ල මිරිකන්නට ගොස් වෙඩි කා මිය යෑමය.

කෙසේ වෙතත් මේ මිනීමරු මෝඩ චූන් වලින් වින්දනයක් ගැනීමේ මාරක අවදානම මේ සමාජය විසින් ගත යුතු නැති බව අපගේ යෝජනාවය. මක්නිසාද යත් ප්‍රශ්නය ඇත්තේ වෙනත් තැනක බව හැමෝම දන්නා නිසාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් සිරුරු වළ දැමීම සඳහා සුදුසු භූමි දෙක්ක තෝරා ගැනේ…

Next Post

අලි සබ්රිගේ හැසිරීම ගැන අස්ගිරියෙන් ජනපතිට පැමිණිල්ලක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.