සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි.එම්.එෆ් ණය දෙස බලා සිටින ලංකාවට ණය දුන් චීනය හරස් කපයිද?

by Lankasara News
මැයි 25, 2022
in පුවත්
Xi Jinping
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව අද සිටින සිටින පහත් තැනට තල්ලු වීම සඳහා බලපෑ හේතු සාධක සියුම්ව නිරීක්ෂණය කළහොත් චීනය විසින් ලබා දෙන ලද සීමා රහිත ණය කන්ද ඒ පසුපස සිටිනුයේ සැඟවීය නොහැකි ලෙසිනි. චීනය මේ ආකාරයට ආසියාව සනහ අප්‍රිකාව පුරා සල්ලි ණය ලෙසට විසි කළේ ඔවුන්ට සංවර්ධන සිහින දෙන අතරේ සිය දැක්ම වන එක් මාවතක් එක් තීරයක් ආර්ථික දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අදිටනිනි. ඒ තුළ ඔවුන් ස්වයංක්‍රියව ම යටත් විජිතවාදයක් නිර්මාණය කළේය.

විදේශ සංචිත අර්බුදයක් හරහා අද මුළු ශ්‍රි ලංකාවම පීඩාකාරී ව්‍යවසනකට තල්ලු වීමට ආදරය සහ මිත්‍රත්තවයේ මුවාවෙන් පැමිණි මේ චීන ණය ආධාරයන්ද සෘජුවම පාහේ බලපා තිබේ.

මේ වනවිට මිලියන 22 ක ශ්‍රි ලාංකික ජනතාව සිටින්නේ දැඩි දුෂ්කරතාවයක ය. චීනය, ජපානය සහ අනෙකුත් විදේශ ණය දෙන්නන්ට ඩොලර් බිලියන 51 ක ණය ගෙවීම ශ්‍රි ලංකා රජය විසින් අත්හිටුවීම හේතුවෙන් මේ වනවිට ශ්‍රි ලංකාව නිල වශයෙන් බංකොලොත් භාවයට පත්ව තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා කලාපයට වසරකට ඩොලර් ට්‍රිලියන 1.7ක් යටිතල පහසුකම් සඳහා ආයෝජනය කළ යුතු බවය. එහෙත්, මෙම චීන ණය පිළිබඳව ශ්‍රී ලංකා විවේචකයින් ඇතුළු ඇතැමෙක් පවසන්නේ, චීනය විසින් මෙහෙයවන ව්‍යාපෘති සඳහා ලබා දී ඇත්තේ අධික පිරිවැයකින් යුතු ණය ගොඩකි. එසේම එයින් ලැබෙන ඵලයද අඩුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජපානයට සහ ආසියානු සංවර්ධන බැංකුවට පසු ශ්‍රී ලංකාවේ ණය දෙන්නන් අතර චීනය තුන්වන ස්ථානයට පත්වන අතර ණය වලින් 10% ක් දරයි.

හැකි හදිසි ණයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේදී “ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට” බීජිං පාලනය පොරොන්දු විය. එහෙත් චීනය තවත් ණය දීමට ඉදිරිපත් වුණද දැනට පවතින ණය කපා හැරීමකට හෝ ප්‍රතිව්‍යූහගතකරණයකට සම්බන්ධ වීමෙන් වැළකී සිටියේ, ඩොලර් බිලියන ගණනක් ණය වී සිටින අනෙකුත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ණය ගැතියන් එම සහනයම ඉල්ලා සිටිනු ඇතැයි යන බිය නිසා විය හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබලිව් ඒ විජේවර්ධන මහතා ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය මඟ පවසා තිබුණේ චීනය ශ්‍රී ලංකාවට සහනයක් ලබා දෙන්නේ නම්, අනෙකුත් ණය ගැතියන්ට ද එම සහනය ලබා දීමට චීනයට සිදුවනු ඇත යන්නය.

කෙසේ වුවද විශේෂඥයන්ගේ මතය වන්නේ චීනය ශ්‍රි ලංකාවට ලබා දුන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට හෝ යම් සහන ක්‍රමයකට එකඟ නොවන්නේ නම් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා කඩාකප්පල් කිරීමට හෝ ශ්‍රි ලංකාවට ණය දෙන්නට සිටින පෞද්ගලික ණයකරුවන් තවදුරටත් ශ්‍රි ලංකාවට ණය ලබා දීමෙන් ඈත් වන්නට එය හේතුවක් වනු ඇති බවය.

ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව චීනයෙන් යම් සහයෝගීතාවක් නොමැතිකම “ශ්‍රී ලංකාවේ ණය ආපසු අයකර ගැනීමේ ගමන සංකීර්ණ කරනු ඇතැයි උපදේශන සමාගමක් වන වෙරිසැක් මේපල්ක්‍රොෆ්ට් හි අදිති මිත්තල් ඊමේල් පණිවුඩයක් මගින් ඇසෝෂියේටඩ් ප්‍රේස් පුවත් සේවය සමඟ ප්‍රකාශ කර ඇත. කෙසේ වුවද ඔහු පවසන්නේ චීනය හෝ ජපානය සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමක් වෙත යාම “ධනාත්මක සංඥාවක්” වනු ඇති බවය.

එක්සත් ජනපදය, ජපානය, යුරෝපා සංගමය සහ අනෙකුත් ආණ්ඩු ද ණය ලබා දෙයි, නමුත් කුඩා පරිමාණයෙනි. එහෙත් චීනය සිය එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතට එන රටවලට ණය දෙන්නේ සීමා රහිතවය. ඔවුන් මේ ණය ලබා දෙන්නේද ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව හෝ යුරෝපා රටවල් ලබා දෙන සහන පදනම්වල පිහිටා නොවන වානිජ පොලී අනුපාත මතය. ඒවායේ විනිවිද පෙනෙන සුළු භාවයද අඩුය. මේ හේතුව නිසා ලෝකයේ රටවල් ගණනාවකම මේ වනවිටත් චීන ණය යම් අර්බුද කැඳවීමට හේතුවක් ව ඇත.

මෙම තත්ත්වය යටතේ මේ රටවල් සිය ව්‍යාපෘති අවලංගු කර ඇත. තවත් අය ව්‍යාපෘති යළි පරිමාණය කර ඇත. මැලේසියාව 2019 දී සැලසුම් කළ දුම්රිය මාර්ගයක් මිල අධික බැවින් ඉවත් කළේය. තායිලන්ත සමාගම්වලට වැඩ අඩු වීම නිසා මතු වූ විරෝධතා හේතුවෙන් තායිලන්තය අධිවේගී දුම්රිය මාර්ගයක් ගැන නැවත සාකච්ඡා කළේය.

චීනය ඇතැම් රටවලට දුන් ණය ප්‍රතිව්‍යුහගත කර ඇත. ඉතියෝපියාවට 2018 දී බීජිනය යම් පොලියකට සමාව දීමට සහ ඩොලර් බිලියන 4 සිට වසර 30 දක්වා දුම්රිය මාර්ගයක් සඳහා වසර 10 ක ණයක් ආපසු ගෙවීම දිගු කරන ලෙසට ඒත්තු ගැන්වීය. එය වාර්ෂික ගෙවීම් අඩු කළ නමුත් තවත් දශක දෙකක පොලී ගාස්තු එකතු කළේය.

චීන බලධාරීන්ට අනුව ඔවුන්ගේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘති යනු ආධාර නොවන ව්‍යාපාර බවය. බොහෝ ණය ලබා දෙන්නේ වාණිජ කොන්දේසි මත ය. ඒවායේ විස්තර බොහෝ විට ඇත්තේ රහසිගතවය.

චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ගැන වොෂින්ටනය, මොස්කව්, ටෝකියෝ, නව දිල්ලිය සහ එහි සියලු අසල්වැසියන්ගේ මැසිවිලි ඇත. ඔවුන්ගේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන බීජිං එහි බලපෑම පුළුල් කිරීමට සහ ඔවුන්ගේ බලපෑම යටපත් කිරීමට උත්සාහ කරයි.

ශ්‍රි ලංකාවද මේ වනවිටත් චීන ණය උගුල නිසා අමාරුවේ වැටුණ තවත් රටක් බවට පත්ව ඇත. එය සිදුවුණේ මෙ අර්ඉබුදය එන්නටත් කලිනි. මහින්ද රාජපක්ෂ රජය දකුනේ සංවර්ධනය ඉලක්ක කරගෙන චීන ණය මත ඉදි කළ හම්බන්තොට වරාය අවසානයේ ආදායම් නූපදවන සුදු අලියකු වට පත්විය. එහි ප්‍රතිඵලය වන්නේ ගත් ණයට හිලව් වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1කට චීනයේ බීජිං වරාය පාලනය කරන සමාගමට 99 අවුරුදු බද්දකට එය ලබා දීමය. ඊට අමතරව චීන කර්මාන්ත පුරයකට විශාල ඉඩම් ප්‍රමාණයක්ද වෙන් කිරීමට ශ්‍රි ලංකාවට සිදුවිය.

මේ තත්ත්වය නිසා මේ රටේ එක වේලක්වක් කන්නට නොමැති ජනතාවටද මේ ණය ගෙවන්නට සිදුවන ඇති බව ඇසෝසියේට් ප්‍රෙස් ලිපියට ප්‍රකාශයක් දෙන වර්තමාන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව මේ වසරේ චීන බැංකුවලට සහ අනෙකුත් ණය දෙන්නන්ට ඩොලර් බිලියන 7 ක් ණය වී ඇති නමුත් එය IMF සමඟ සාකච්ඡා කරන අතරතුර අප්‍රේල් 13 වන දින ගෙවීම අත්හිටුවන ලදී. රජය පෞද්ගලික අංශයේ බැඳුම්කර ආයෝජකයින්ට ඩොලර් බිලියන 25 ක් හෝ එහි මුළු මුදලින් අඩක් පමණ ණය වී ඇත.

ප්‍රශ්නවලට ලිඛිත ප්‍රතිචාරයක් වශයෙන්, චීන විදේශ අමාත්‍යාංශය “ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට” බීජිං සූදානම් බව පැවසූ නමුත් ගෙවිය යුතු මුදල අඩු කළ හැකිද යන්න පිළිබඳ කිසිදු ඇඟවීමක් නොකළේය.

කෙසේ වුවද අප්‍රේල් මාසයේදී එවකට රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ මන්ත්‍රිවරයකුව සිටින අතරතුර රිපබ්ලික් ටීවී විකාශනයට පැවසුවේ චීනය ශ්‍රී ලංකාවේ ණය අඩු කිරීම වෙනුවට ඩොලර් බිලියනයක ණයක් ලබා දුන් බවයි. එමගින් රජයට ගෙවීම් කිරීමට හැකි වනු ඇත, නමුත් චීනයට ඇති මුළු ණය ප්‍රමාණය යළි වැඩි වනු ඇත.

චීන තානාපති කුයි සෙන්හොන් අප්‍රේල් 25 වාර්තාකරුවන්ට පැවසුවේ IMF සමඟ සාකච්ඡා කිරීම බීජිනයේ ණය පිරිනැමීමට බාධාවක් වනු ඇති බවයි. අනෙක් පැත්තෙන් චීනය මේ මතයේ සිටීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලබා ගැනීමේදී අභියෝගයක්ව ඇත. ඊට හේතුව ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවට ණය දුන් රටවල් සමඟ පොදු එකඟතාවක් පැවතීම එහිදී විශේෂ සුදුසුකමක් වන නිසා ය. ණය අඩු කිරීම සඳහා සියලුම ණය හිමියන් සමඟ ගනුදෙනුවක් කිරීමට ණය ගැනුම්කරුවෙකුට අවශ්‍ය වේ.

චීනය, ණය කප්පාදුව පිළිබඳ සාකච්ඡා කිරීමේ සංසදය වන, රජයේ ණය දෙන්නන්ගේ පැරිස් සමාජයට සම්බන්ධ වීම වළක්වා ඇත.

කෙසේ වුවද මහ බැංකු අධිපතිවරයා පවසන්නේ චීනය සහ අනෙකුත් ණය හිමියන් ශ්‍රි ලංකාව පිළිබඳ ව එකඟතාවකට පැමිණිය යුතු බවය.

“එක් ණය හිමියෙකුට එක් ආකාරයකටත් සෙස්සන්ට තවත් ආකාරයකටත් සැලකුවහොත් ශ්‍රි ලංකාවට ණය ලබා දුන් ණය හිමියන් සිය ණය ප්‍රතිව්‍යූහගතකරණයකට පොදු එකඟතාවක් නොදක්වනු ඇත.එසේ වුවහොත් සිදුවන්නේ ශ්‍රි ලංකාවට තවත් අසීරුතාවකට පත්වීමය. අපි චීනයේ ඉදිරි පියවයර කෙසේ දැයි පුවේසමින් බලමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාධ්‍ය ඉදිරියේ හෙළි වුණු හරීන්ගේ ජනාධිපති හීනය…

Next Post

දිඹුලාගල ඉන්ධන පිරවුම්හල් කළමනාකරු සඟවාගෙන සිටි ඩීසල් තොග පොලිසිය ගොවීන්ට බෙදා දෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.