ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රි ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාවේ මූලික හරය ලෙස අපේ රටේ ණය තවදුරත් තිරසාර නොමැති බව පැහැදිළිව දක්වා ඇති අතර එම සටහන ඔවුන් ළවා වෙනස් කරවා ගැනීමට රජයේ බලධාරීන් උත්සාහ ගෙන ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
අද සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ රජය එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හරහා ශ්‍රි ලංකාවේ ණය තිරසාර නොවේ යන්න තිරසාර නොවන බව අපට හැඟේ යනුවෙන් වෙනස් කර ගැනීමට උත්සාහ කර අති බව එහිදී මන්ත්‍රිවරයා අනාවරණය කළේය.
කෙසේ වුවද මූල්‍ය අරමුදලේ නිලධාරීන් එය එසේ සිදු කොට නැති බවත් අරමුදල ඉතා පැහැදිළිව ශ්‍රි ලංකාවේ ණය තිරසාර නොවන බව පවසා ඇති අතර එවැනි තැනකට ශ්‍රි ලංකාව පත්ව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා
“අර එදා අයි.එම්.එෆ් එකේ ඩ්‍රාෆ්ට් එකක් ගැන කතා කළේ ඒකයි. ඔවුන් උත්සාහ කළේ එය වෙනස් කර ගන්න නමුත් ඒක වුණේ නෑ. මූල්‍ය අරමුදල අමුවෙන්ම කියල තියෙනවා ණය තිරසාර නොවන බව. එම වාර්තාවේ තිබෙනවා මේ තත්ත්වය මත අපි කළ යුතු දේ මොකක්ද යන්න. ඔවුන් සහ අපේ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ පතිඵලයක් ලෙස එකඟතාවකට පැමිණ තිබෙනවා, 2024 වනවිට ප්‍රාථමික ගිණුමේ ශේෂය හිගයක් නැති අතිරික්තයකුත් නැති තැනකට පත් කරන්න. එනම් රජයට ලැබෙන අදායම රජයට පවතින වර්තන වියදම් සම තත්ත්වයකට පත් කිරීමට වර්තන වියදම්වලට ආණ්ඩු විසින් ගත් ණයවල පොලියත් ඇතුළත්.”







