ජෛව බුබුල කඩකරමින් අයාගේ ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙන වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තමන්ගේ විනය කඩකිරීමේ චෝදනාව පිළිගැනීමත් සමග ඔවුන් සම්බන්ධව විනය පරීක්ෂණයක් කිරීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුව ඔවුන්ට දීර්ඝ ක්‍රිකට් තහනමක් පැනවීමට නිර්දේශ කර තිබේ.
උපනායක කුසල් මෙන්ඩිස් සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක ක‍්‍රිකට් තහනමක් සහ ඩොලර් 25,000ක දඩයක් නියම කර ඇත.
පළමු විනය කඩකිරීම නිසා නිරෝෂන් දික්වැල්ලට පැනවීමට නිර්දේශ වී ඇත්තේ මාස 18ක ක්‍රිකට් තහනමකි. එහෙත් ඔහුටත් ඩොලර් 25000ක දඩයක් නියම වී තිබේ.
මෙම නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වෙත යොමු කර ඇති නමුත් තවමත් ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ තීරණය දැනුම් දී නැත.
විනය කඩ කළ ක්‍රීඩකයන් තිදෙනාගේ තරගාවලිය අත්හිටුවා සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට් පත් මගින් ලංකාවට ගෙන්වා ඔවුන්ගේ වියදමින් නිරෝධායනයට යොමු කළේය.







