රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ දක්වා කාලය තුළ ආපදා මරණ 39ක් සිදුව ඇතැයි ද දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 79ක් ආපදාවට ලක්ව ඇතැයිද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.
එම ප්‍රදේශවල පවුල් 1,158කට අයත් පුද්ගලයින් 4,008ක් ආපදාවට ලක්ව ඇති අතර, පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මේ අතර සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට තුවාල ලබා ඇති අතර, පවුල් 41කට අයත් පුද්ගලයින් 131ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 5ක තාවකාලිකව නවතා තිබේ.
පවුල් 136කට අයත් පුද්ගලයින් 472 දෙනෙකු මේ වනවිට ඥාති නිවාසවල ආපදා හේතුවෙන් නතරවී සිටින බව එම මධ්‍යස්ථානය පවසා සිටියි.







