බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්මාගේ ඇස් ඉදිරිපිට සීයා සමග දියේ ගිලී අවසන් ගමන් ගිය නිවුන් දරුවෝ…

by editor
ජූලි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොස්ගොඩ, දූවේමෝදර ගගේ ගිලී කුඩා දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ සීයා ඊයේ (10) දහවල් අතුරුදන් වූයේය.
කොස්ගොඩ පොලීසියේ මෙහෙයවීමෙන් නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් එදිනම සවස 4.00 ට පමණ ඔවුන් තිදෙනා සොයා ගත්හ. එම අවස්ථාවේ කුඩා දරුවන් දෙදෙනාගේ නාඩි වැටෙන බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විසින් දරුවන් දෙදෙනා බළපිටිය මූලික රෝහල වෙත ගෙන යෑමට කටයුතු කළේය.

දරුවන් දෙදෙනා බළපිටිය රෝහලට ගෙන යෑමෙන් පසුව වෛද්‍යවරුන් රැසක් එකතුව ඔවුන්ට ප්‍රතිකාර කරන ලද අතර ඊයේ (10) ප.ව 6.00 ට පමණ දරුවන් දෙදෙනාද මියගොස් තිබෙන බව බළපිටිය මූලික රෝහල විසින් තහවුරු කළේය.

මේ සම්බන්ධයෙන් රෝහල් අධිකාරි වෛද්‍ය චන්දන රත්නසිරිගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ රෝහලට රැගෙන එන විටත් දරුවන් දෙදෙනා මියගොස් තිබූ බවයි. දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි වෛද්‍යවරුන් එම උත්සාහය දැරූ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙසේ අතුරුදන්ව තිබී සිරුරු සොයා ගත්තේ අගම්පොඩි ඉන්දික මෙන්ඩිස් (62) සහ සසිත තත්සිදු කන්දඋඩ (06) සහ සමිත තත්සිදු කන්ද උඩ (06) යන දරුවන් දෙදෙනාගේය. නිවුන් සොහොයුරන් දෙදෙනෙකු වන මෙම දරුවන් දෙදෙනා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ 01 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

සීයලගෙ ගෙදර පැමිණි දරුවෝ…

දරුවන්ගේ මව කොස්ගොඩ, නාපේ ප්‍රදේශයේ බවත් ගාල්ල, දඩල්ලේ පදිංචිව සිටින ඔවුන් පෙරේදා (09) සිය දෙමාපියන්ගේ නිවෙස වෙත පැමිණ ඇති බවත් කොස්ගොඩ පොලීසිය කියයි. එසේ පැමිණ ඊයේ (10) පෙරවරුවේ දරුවන් දෙදෙනා සිය, සීයා (මවගේ පියා) සමග කොස්ගොඩ ගගේ දිය නෑමට ගොස් මෙම අනතුරට පත්ව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

දරුවන්ගේ මව සහ මියගිය දරුවන්ගේ සීයාගේ සහෝදරයාද ගං ඉවුරේ සිට ඇති අතර ඔවුන්ද සිද්ධිය සියැසින් දැක ඇත. ඔවුන් දෙදෙනාද දරුවන් බේරා ගැනීම සඳහා ගඟට පැන ඇති අතර තත්ත්වය අවදානම් වූ හෙයින් දෙදෙනා එකතුව නැවත ගං ඉවුරුට පැමිණ තිබේ.

සීයා මුණුපුරන් දෙදෙනාද සමග ඔරුවකින් ගඟේ මදක් දුරට ගොස් ඔරුව අල්ලාගෙන දිය නාමින් සිට ඇති අතර ඔරුව පෙරලීමෙන් මෙම අනතුරු සිදුව තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි. සීයා දරුවන්ට ආරක්ෂාව සලසමින් දරුවන්ට දිය නෑමට සලස්වා ඇති බවත් ඔරුව පෙරලීමෙන් පසු සීයාගේ ග්‍රහණයෙන්ද දරුවන් මිදී ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පසුව සීයාද දරුවන් බේරා ගැනීමට දැරූ උත්සාහයේදී ඔහුද දියේ ගිලී මියගොස් තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි.

සිය බිරියගේ නිවස වෙත දරුවන්ගේ පියා පැමිණ නොමැති අතර සිද්ධිය සැල වීමත් සමග නො. 358/10, දඩල්ල, ගාල්ල ලිපිනයේ පදිංචි දිලිප් රොහාන් කන්දඋඩ (40) නැමැති දරුවන්ගේ පියාද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටියේය. ඔහු මිදිගම ලෝඩ්ස්ටා ආයතනයේ රැකියාවේ නිරත වෙමින් සිට ඇත. දරුවන්ගේ මව සහ පියා ඇතුළු විශාල පිරිසක් සිරුරු ගොඩ ගන්නා අවස්ථාවේ හඬා වැලපෙමින් ගං ඉවුරේ රැදී සිටියහ.

හදිසි මරණ පරීක්ෂණයට විරෝධය

අනතුරින් මියගිය දරුවන්ගේ සහ සීයාගේ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (10) සවස සිද්ධිය වූ ස්ථානයේදී සහ අද (11) බළපිටිය මූලික රෝහලේදී ඉදුරුව හදිසි මරණ පරීක්ෂක පරාක්‍රම අකුරැටියගම විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඔහු විසින් බළපිටිය මූලික රෝහලට දැනුම් දී තිබේ. බළපිටිය මූලික රෝහලේදී එම මෘත දේහයන් සම්බන්ධයෙන් පීසිආර් පරීක්ෂණයක් සිදු කරන බවත් එයින් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන බවත් බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අතුරුදන්වූවන් සොයා ගැනීමෙන් පසු ගං ඉවුරේම හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට කොස්ගොඩ පොලීසිය සැලසුම් කර තිබුණි. ඒ වන විටත් හදිසි මරණ පරක්ෂකවරයාද සිද්ධිය වූ ස්ථානයට පැමිණෙමින් සිට ඇත.

නමුත් දරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ දරුවන් සොයා ගත් සැණින් රෝහල් ගත කළේ නම් ඔවුන් බේරා ගැනීමට හැකියාව තිබුණ බවයි. ඒ නිසාම කොස්ගොඩ පොලිසියට යම් විරෝධතාවයක්ද ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වී තිබේ. දරුවන් දියේ ගිලුණ බවට කොස්ගොඩ පොලීසියට 119 හරහා ඇමතුම ලැබී ඇත්තේ ඊයේ (10) ප.ව 1.12 ටය. දරුවන් ගොඩගනු ලැබූයේ එදින ප.ව 4.00 ටය. පැය 03 කට ආසන්න කාලයක් දියේ ගිලී සිටි අයෙකු ජීවත්ව සිටීමට හැකියාවක් නොමැති බව මේ සම්බන්ධයෙන් විමසූ විට බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල ද සොයිසා, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී කේ වීරරත්න, පොලිස් සැරයන් පියතිලක (32674) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිද්ධිය වූ ස්ථානයේ හා සිරුරු ගොඩ ගන්නා අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ඉහතින් දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් මිලියන 800ක අයි.එම්.එෆ් ණයක්! – අර්බුදයෙන් ගොඩ එන්න ඒකත් මදි!

Next Post

ගම්මන්පිලගේ විශ්වාසභංගයෙන් පසු ගම්මන්පිල, විමල් කැබිනට් තනතුරුවලින් විසිවෙන අනතුරක…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.